මෙම වසරේ තෙවන කාර්තුවේදී ආර්ථික පසුබෑමක්
2022-12-16 10:57:46
Share with:

ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය සියයට 11.8 කින් පසුබා ඇතැයි ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත වාර්තා පෙන්වා දෙයි.

2022 වර්ෂයේ තෙවන කාර්තුවේදී කෘෂිකාර්මික, කාර්මික සහ සේවා කටයුතු පිළිවෙලින් සියයට 8.7ක්, සියයට 21.2ක් සහ සියයට 2.6කින් පහත වැටී ඇතැයි එම දත්ත වාර්තාවේ දැක්වේ.

ඒ අනුව 2022 වසරේ තෙවන කාර්තුවේ පවත්නා මිල ගණන් යටතේ දළ දේශීය නිෂ්පාදිතය රුපියල් මිලියන 6,417,031ක් ලෙස වාර්තා වී ඇත.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම