චීනයෙන් තවත් චන්ද්‍රිකාවක් සාර්ථකව ගුවනට
2022-12-16 15:31:48
Share with:

චීනය අංක 21 අත්හදා බැලීම් චන්ද්‍රිකාව සාර්ථකව ගුවන්ගත කරයි.

බෙයිජිං වේලාවෙන් අද (16) සවස 2:17ට, Xichang චන්ද්‍රිකා ගුවන්ගත කිරීමේ මධ්‍යස්ථානයේ සිට Long March 11 වාහක රොකට්ටුවෙන් එම චන්ද්‍රිකාවසාර්ථකව ගුවන්ගත කෙරිණ. එය නියමිත කක්ෂයට නිසි පරිදි ඇතුළු විය. එම චන්ද්‍රිකාව ප්‍රධාන වශයෙන් නව අභ්‍යවකාශ  තාක්ෂණයන්හි සත්‍යාපන පරීක්ෂණ සඳහා යොදා ගැනේ.
මෙවර සිදුකෙරුණේ, Long March වාහක රොකට්ටු මාලාවේ 456 වැනි ගුවන් මෙහෙයුමයි.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම