චීන ආයතන 36ක් ඇමරිකාවේ අපනයන සීමා කිරීමේ ලැයිස්තුවට ඇතුළත් කිරීම සම්බන්ධයෙන් චීනයේ දැඩි විරෝධය
2022-12-16 17:36:13
Share with:

ඇමරිකානු වාණිජ අමාත්‍යංශය විසින් චීන ආයතන 36ක් එරට අපනයන සීමා කිරීමේ ලැයිස්තුවට ඇතුළත් කිරීම සම්බන්ධයෙන්  චීනය විරෝධය පළ කරයි.

ඇමරිකානු වාණිජ අමාත්‍යංශය ඊයේ(15) නිවේදන 2ක් පළ කළේ ය. චීන ආයතන 25ක් ‘ තහවුරු කර නොමැති ලැයිස්තුවෙන් ’ ඉවත් කිරීම සහ චීන ආයතන 36ක් එරට අපනයන සීමා කිරීමේ ලැයිස්තුවට ඇතුළත් කිරීම එම නිවේදන දෙක යි.

මේ පිළිබඳව චීනයේ අදහස චීන වාණිජ අමාත්‍යංශය විග්‍රහ කර තිබේ.  චීන ආයතන 25ක් ‘ තහවුරු කර නොමැති ලැයිස්තුවෙන් ’ ඉවත් කිරීම  චීනයේ පැසසුමට ලක්වෙයි. දෙපාර්ශ්වයට අන්‍යෝන්‍ය ගරුත්වය මත සාකච්ඡා මාර්ගයෙන් අදාළ ගැටළු විසඳිය හැකි බව එමගින් පිළිබිඹු කෙරේ. එහෙත් මෙම දෙවැනි නිවේදනයට චීනය තරයේ ම විරෝධය පළ කරන බව වාණිජ අමාත්‍යංශ බලධාරීහු පවසති.

මෑත වසරවලදී, දෙරටේ ව්‍යවසායයන් නිසි ලෙස ව්‍යාපාරික හා වෙළඳ ගනුදෙනු සිදුකිරීමේ අවශ්‍යතාව නොතැකූ ඇමරිකාව චීන ව්‍යවසායයන් හා ආයතනවලට දැඩි පීඩා එල්ල කළේය. මෙය වෙළඳපොළ විකෘතියක් හා ආර්ථික වශයෙන්  දාමරික ක්‍රියාවකි. ඊට එරෙහිව අවශ්‍ය පියවර ගන්නා චීනය, සිය ව්‍යවසායයන් හා ආයතනවල නීත්‍යනුකූල අයිතිවාසිකම් අනිවාර්යයෙන් ම ආරක්ෂා කරන බව ද චීන වාණිජ අමාත්‍යංශය අවධාරණය කරයි.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම