චීන ලතින් ඇමරිකා සබඳතා වර්ධනය කෙරේ චීන ජනපතිගේ අවධානය
2022-12-15 09:09:27
Share with:

15 වැනි චීන ලතින් ඇමරිකා ව්‍යාපාරිකයින්ගේ සමුළුවේ ආරම්භක උළෙල වෙත චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ලිඛිත දේශනයක් යොමු කරයි.

     චීන ලතින් ඇමරිකා ව්‍යාපාරිකයින්ගේ සමුළුව ස්ථාපිත වී ගතවූ වසර 15ක් තුළ චීන ලතින් ඇමරිකා ආර්ථික හා වෙළඳ සහයෝගතාවටත් සංස්කෘතික හා මානව හුවමාරුවටත් වැදගත් මෙහෙවරක් ඉටු කර ඇතැයි ෂී ජින්පිං මහතා එම ලිඛිත දේශනයෙන් පවසා ඇත. කාර්මික හා වාණිජ ක්ෂේත්‍රය, චීන ලතින් ඇමරිකා සහයෝගතාව ප්‍රවර්ධනයට වැදගත් බලවේගයකි. එය චීන ලතින් ඇමරිකා සම්බන්ධතාවය සංවර්ධනය කරන්නෙකු මෙන්ම ඉන් ලාභ හිමිකරගන්නෙකු ද වේ. එම ක්ෂේත්‍රයේ නියැළෙන්නන්ට පොදු ඉරණමක් සහිත චීන ලතින් ඇමරිකා ප්‍රජාවක් ගොඩනැගීමට වඩා විශාල දායකත්වයක් ලබා දිය හැකි යැයි අපේක්ෂා කරන බව ද ඔහු සඳහන් කර ඇත.

   ඉකුවදෝර ජනාධිපති Guillermo Lasso මහතා ද ඊයේ (14) පැවති 15 වැනි චීන ලතින් ඇමරිකා ව්‍යාපාරිකයින්ගේ සමුළුවේ ආරම්භක උළෙලට එක් වෙමින් දේශනයක්  පැවැත්වීය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම