ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළට
2022-12-15 13:58:29
Share with:

පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ ගත වූ මාස කිහිපයේ ඩෙංගු රෝගීන් වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබේ. ජාතික ඩෙංගු මර්දන ඒකකය නිකුත් කළ නිවේදනයට අනුව මේ වසරේ ගත වූ කාල සීමාවේ දී වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 70,826 කි. ඒ අනුව පසුගිය වසරට සාපේක්ෂව රෝගීන්  41,176කින් වැඩිවීමක් පෙන්නුම් කෙරේ.

මේ වසරේ දිවයිනේ වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ, කොළඹ, ගම්පහ, කළුතර සහ මහනුවර යන දිස්ත්‍රික්කවලිනි. මේ වසරේ 49 වන සතිය වන විට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස 55 ක් අධි අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇත. එම කොට්ඨාසවල මදුරුවන් බෝ විය හැකි ස්ථාන හඳුනාගෙන මදුරු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කර ඇති අතර, මදුරුවන් බෝ විය හැකි ස්ථාන කෙරෙහි අවධානය යොමු කරන්නැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය ජනතාවගෙන් ඉල්ලා සිටී.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම