ඇමරිකාව බහුපාර්ශ්වික වෙළඳ පද්ධතිය විනාශ කරන බවට චීනයෙන් චෝදනා
2022-12-15 17:54:22
Share with:

ඇමරිකාව බහුපාර්ශ්වික වෙළඳ පද්ධතිය විනාශ කරන්නෙකු බවට පත්ව ඇතැයි චීනය පවසයි. චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක වං වෙන්බින් මහතා අද(15) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී මේ බව ප්‍රකාශ කළේය.

ජිනීවා හි ඊයේ (14) පැවති ලෝක වෙළඳ සංවිධානයේ රැස්වීමක දී ඇමරිකානු වෙළඳ ප්‍රතිපත්ති සමාලෝචනය කෙරිණ. චීනය, යුරෝපා සංගමය සහ රුසියාව ඇතුළු එම සංවිධානයේ සාමාජික රටවල් බොහොමයක්, ඇමරිකාව බහුපාර්ශ්වික වෙළඳ රෙගුලාසි නොසලකා ඒකපාර්ශ්වවාදය ක්‍රියාත්මක කර ගෝලීය කාර්මික දාමය කඩාකප්පල් කිරීම එහිදී විවේචනය කර ඇත.

ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ වං වෙන්බින් මහතා ඉහත අදහස්   පළකළේය.

ඇමරිකාව කාර්මික ප්‍රතිපත්තිවල ද්විත්ව ප්‍රමිතීන් හසුරුවන්නෙකු මෙන්ම ගෝලීය කාර්මික හා සැපයුම් දාම කඩාකප්පල් කරන්නෙකු බවට ද පත්ව ඇතැයි ද හෙතෙම  පැවසීය. ඇමරිකාව සිය වැරදි නිවැරදි කරමින් ලෝක වෙළඳ නීතිරීතිවලට අවනත විය යුතු අතර, බහුපාර්ශ්වික වෙළඳ පද්ධතියේ අධිකාරිත්වය ප්‍රායෝගිකව ආරක්ෂා කළ යුතු බව ද හෙතෙම පෙන්වා දුන්නේය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම