ඇමරිකා හමුදා මෙහෙයුම් හේතුවෙන් සිරියාවට සිදු වූ පාඩුව ඇමරිකා ඩොලර් බිලියන සියයය ඉක්මවයි
2022-12-15 11:21:57
Share with:

ඇමරිකා හමුදා මෙහෙයුම් හේතුවෙන් සිරියාවට සිදු වූ පාඩුව ඇමරිකා ඩොලර් බිලියන 111.9 ක් ලෙස ගණන් බලා ඇති බව සිරියා විදේශ අමාත්‍යංශය පවසයි

ඉන් සෘජු අලාභය ඩොලර් බිලියන 25.9 ක් ලෙසට ගණන් බලා ඇත. ඇමරිකාව සිදු කළ තෙල් හා ගෑස් සොරකමෙන් තවත් ඩොලර් බිලියන 19.8 ක අලාභයක් සිදුව තිබේ. රාජ්‍ය ආයතනවලට සිදුවූ හානිය ඩොලර් බිලියන 3.2 කි.  තෙල් හා ගෑස් ආයතනවලට සිදුවූ හානියෙන් ඩොලර් බිලියන 2.9 ක් සිරියාවට අහිමි වී තිබේ.

වක්‍ර පාඩුව ඩොලර් බිලියන 86 කි.

ඇමරිකාව සංවිධානාත්මක  අයුරෙන් තෙල්, තිරිඟු සහ අනෙකුත් මූලික සම්පත් සහ සිරියානු ජනතාවගේ ජාතික ධනය කොල්ලකෑම අඛණ්ඩව සිදු කරමින් සිටින බවද සිරියා විදේශ අමාත්‍යංශය කියා සිටී.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම