ගෝලීය අස්ථාවර ව්‍යාපාරික පරිසරය බැහැර කළ හැක්කේ ‍ස්ථාවර දේශාපාලන නායකත්වයකින් පමණයි
2022-12-15 09:15:26
Share with:

ගෝලීය ව්‍යාපාරික පරිසරයේ අත්‍යවශ්‍යම සාධකය ස්ථාවරත්වයයි. නූතන අභියෝග තුළින් එම අත්‍යවශ්‍ය සාධකයට බරපතල අහිතකර බලපෑම් එල්ල කර තිබේ. ලොව දුර්වල ආර්ථිකයන්ට ඉන් එල්ල කරන සෘණාත්මක බලපෑම් ඉමහත්ය. එම තත්ත්වයෙන් මුදවා ගැනීම සඳහා ගෝලීය සංවර්ධන ප්‍රවේශයක අවශ්‍යතාව දැඩිව මතුව ඇති අනෝමා සමූහ ව්‍යාපා‍රයේ අධිපති සාලිය අනුරාධ මහතා පවසයි. එහිදී චීන ආර්ථිකයට සුවි‍ශාල දායකත්වයක් ලබා දිය හැකිය. ගෝලීය සැපයුම් ජාලයේ කේන්ද්‍රස්ථානය මෙන්ම විශාල පාරිභෝගික වෙළඳපොලකට ද හිමිකම් කියන චීනය සතුව විශාල හැකියාවන් පවතී. විශේෂයෙන් චීන කොමියුනිස්ට් පක්ෂය හා ජනාධිපති ෂී ජින්පිං මහතා චීනයට ලබා දී ඇති දේශපාලන නායකත්වය මෙන්ම දේශපාලන ස්ථාවරත්ය ඉතා වැදගත් බවද හෙතෙම කියා සිටී. වත්මන් ගෝලීය ආර්ථීක අවිනිශ්චිතතාවන් බැහැර කර නව ජව සම්පන්න ආර්ථිකයක් වෙනුවෙන් පෙරමුණ ගැනීමේ හැකියාව චීනය සතු වන්නේ එම ස්ථාවරභාවය හේතුවෙන් යැයි ද හෙතෙම කියා සි‍ටී. එළඹෙන වසරේදී ගෝලීය සංවර්ධන මුල පිරුම හරහා චීනය ලොවට එම නායකත්වය දීම තම අපේක්ෂාව බවද සාලිය අනුරාධ මහතා පෙන්වා දෙයි. එය සැබවින්ම කාලීන අවශ්‍යතාවකි.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම