වසංගතයට එරෙහි සටනේ අවසාන ජයග්‍රහණයට ළං වෙමින් සිටින චීනය
2022-12-15 10:50:17
Share with:

චීන රජය මෑතකදී  කොවිඩ්-19 වැළැක්වීම සහ පාලන පියවර වැඩිදියුණු කර තිබේ.

විද්‍යාත්මකව හා නිවැරදිව අවදානම් ප්‍රදේශ හඳුනා ගැනීම, නිරෝධායන ක්‍රම ප්‍රශස්ත කර ගැලපීම සහ වැඩිහිටියන්ට එන්නත් කිරීම වේගවත් කිරීම ඇතුළු ‘නව පියවර දහය’ ක්‍රියාත්මක කෙරේ.

එම නව පියවර දහයේ අරමුණ වන්නේ වසංගත වැළැක්වීමේ විද්‍යාත්මක හා නිවැරදි මට්ටම වැඩිදියුණු කිරීම, ජීවිත ආරක්ෂාව සහ සෞඛ්‍යය උපරිමයෙන් සහතික කිරීම සහ ආර්ථික හා සමාජ සංවර්ධනයට වසංගතයේ බලපෑම් අවම කිරීමයි. දැනට, බෙයිජිං සහ ෂැංහයි වැනි ප්‍රධාන නගරවල සිට අභ්‍යන්තර ප්‍රදේශ දක්වා, අන්තර් කලාපීය සංචාර මූලික වශයෙන් නැවත ආරම්භ වී ඇති අතර, චීන සමාජ නිෂ්පාදනය සහ ජන ජීවිතය සාමාන්‍යකරණය කිරීම කරා ගමන් කෙරෙමින් පවතී.

මෙම අදියරේදී චීනය සිය වසංගත වැළැක්වීමේ ප්‍රතිපත්තිය වැඩිදියුණු කර ඇත්තේ ඇයි? මෙය පසුගිය වසර තුන තුළ වසංගතයට එරෙහි සටනේ දී ලබා ගත් විශිෂ්ට ප්‍රතිඵල මත සහ වසංගත තත්ත්වයෙහි නව වර්ධනයන් සහ විවිධ තත්ත්වයන් පිළිබඳ විස්තීරණ තක්සේරුව මත සිදු කරන ලද ක්‍රියාශීලී සහ තාර්කික තේරීමකි.

වසංගතයට එරෙහි සටනේ ආරම්භය දා සිට, චීන කොමියුනිස්ට් පක්ෂය සහ චීන රජය පැහැදිලිවම ප්‍රකාශ කර ඇත්තේ ජීවිත ආරක්ෂාව සහ සෞඛ්‍යය සැමවිටම ප්‍රමුඛතාව විය යුතු බවයි. චීනය කොවිඩ්-19 පොකුරු 100කට අධික සංඛ්‍යාවක් සමඟ ඵලදායී ලෙස කටයුතු කර ඇති අතර ගෝලීය වසංගත රැළි පහක බලපෑමට සාර්ථකව මුහුණ දී ඇත. චීනය  ලෝක දැවැන්ත රටවල් අතර අඩුම කොවිඩ් සිදුවීම් සහ අඩුම මරණ සංඛ්‍යාවක් වාර්තා වූ  රට බවට පත්ව තිබේ.

වසංගත වැළැක්වීම, පාලනය සහ ආර්ථික හා සමාජ සංවර්ධනය අතර ඵලදායී සම්බන්ධීකරණයට සමත් වූ චීනයේ ආර්ථික වර්ධනය 2021 දී සියයට 8.1 දක්වා ළඟා විය. චීනය ලෝකයේ අනෙකුත් ප්‍රධාන ආර්ථිකයන්ට වඩා බොහෝ ඉදිරියෙන් සිටී.

 කොවිඩ්-19 වසංගතය තවමත් අවසන් වී නොමැති නමුත්, නව තත්ත්වයට සිය ප්‍රතිචාරය සකස් කරන චීනය වසංගතයට එරෙහි සටනේ අවසාන ජයග්‍රහණයට ළං වෙමින් තිබේ.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම