චීනයේ දේශීය ඉල්ලුම ව්‍යාප්ත කිරීමේ උපායමාර්ගික සැලැස්ම නිකුත් කෙරේ
2022-12-15 15:08:00
Share with:

චීන ජාතික සංවර්ධන හා ප්‍රතිසංස්කරණ කමිටුව "14 වැනි පස් අවුරුදු සැලැස්ම යටතේ වන දේශීය ඉල්ලුම ව්‍යාප්ත කිරීමේ උපායමාර්ගික සැලැස්ම" නිකුත් කරයි.

"14 වැනි පස් අවුරුදු සැලැස්ම" ක්‍රියාත්මක කාල සීමාව තුළ දේශීය ඉල්ලුම පුළුල් කිරීමේ උපායමාර්ගවල ප්‍රධාන අරමුණු කෙරෙහි එහි දක්වා ඇත.  එසේම, දේශීය ඉල්ලුම සීමා කරන ප්‍රධාන සාධකවලට එරෙහිව පියවර ගන්නා ආකාරය මෙන්ම, ඉදිරි ප්‍රධාන කාර්යයන් සහ වැදගත් විධිවිධාන ද එම සැලැස්ම මගින් පැහැදිලි කර තිබේ.

 පරිභෝජනය සහ ආයෝජනය ප්‍රවර්ධනය කරමින් දේශීය ඉල්ලුම් පරිමාණයේ නව ප්‍රගතියක් අත්කර ගැනීම, බෙදාහැරීමේ රටාව වැඩිදියුණු කරමින් දේශීය ඉල්ලුමේ විභවය අඛණ්ඩව මුදාහැරීම, සහ සැපයුමේ ගුණාත්මකභාවය නංවමින් දේශීය ඉල්ලුම මනාව සපුරාලීම ද මෙම උපායමාර්ග සැලසුමේ ප්‍රධාන අරමුණු අතර වේ. මීට අමතරව, වෙළඳපොළ පද්ධතිය වැඩිදියුණු කරමින් දේශීය ඉල්ලුම උත්තේජනය කොට නිසි ප්‍රතිඵල ලබාගැනීම සහ ආර්ථික චක්‍රයේ මනා ක්‍රියාකාරීත්වය තුළින් දේශීය ඉල්ලුමේ සංවර්ධන කාර්යක්ෂමතාව අඛණ්ඩව වැඩිදියුණු කිරීම ද ඊට ඇතුළත් ය.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම