‘ චීන කොමියුනිස්ට් පක්ෂයේ ඉහළ විප්ලවීය සම්ප්‍රදායන් ඔස්සේ Yan’an ජීවගුණය පුළුල් කිරීම’ මැයෙන් චීන ජනපතිගෙන් ලිපියක්
2022-12-15 17:21:00
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, ජනාධිපති, මධ්‍යම හමුදා කමිටු සභාපති ෂී ජින් පිං මහතාගේ ලිපියක් හෙට(16) නිකුත් කෙරෙන Qiushi සඟරාවේ පළවෙයි. ‘චීන කොමියුනිස්ට් පක්ෂයේ ඉහළ විප්ලවීය සම්ප්‍රදායන් හා චර්යා ප්‍රචලිත කරමින් Yan’an ජීවගුණය පුළුල් කිරීම’ එහි තේමාවයි.

 Yan’an යනු චීන විප්ලවය පිළිබඳ අභිමානවත් ස්ථානයක් මෙන් ම නව චීනයේ තොටිල්ල බව ජනාධිපතිවරයා කියාසිටී.  Yan’an සමය යනුවෙන් හඳින්වෙන්නේ චීනයේ ජ්‍යෙෂ්ඨ පරපුරේ විප්ලවීය නායකයන් Yan’an හි රැඳීසිටිමින් වැඩ කළ යුගයයි. වත්මන් චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ ස්ථාවර සාමාජිකයන් සමග Yan’an වෙත පැමිණීමෙන් ප්‍රකාශ කෙරෙන්නේ Yan’an යුගයේ දී කොමියුනිස්ට් පක්ෂය තුළ ස්ථාපනය වූ ඉහළ විප්ලවීය සම්ප්‍රදායන් හා චර්යා ප්‍රචලිත කරමින් එම ජීවගුණය පුළුල් කිරීම උදෙසා ක්‍රියාකරන බව යැයි ද චීන ජනාධිපතිවරයා තම ලිපියෙන් පෙන්වා දී තිබේ.

චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වැනි ජාතික කොංග්‍රසයේ දී වර්තමානය හා අනාගතය සඳහා වන කොමියුනිස්ට් පක්ෂයේ හා රටේ ඉදිරි දැක්ම සකස් කර ඉදිරිපත් කෙරිණ. චීන ලක්ෂණයන්ගෙන් යුත් නවීකරණයෙන් චීන ජාතියේ දැවැන්ත පුනර්ජීවනය පූර්ණ වශයෙන් තහවුරු කිරීමේ අභිමානය එමගින් විග්‍රහ කර තිබේ. එසේම නව ඉලක්ක කරා නොසැලී ගමන් ගනිමු යනුවෙන් ජනාධිපතිවරයා සිය ලිපියෙන් සමස්ත ජනතාවට ඇරයුම් කර සිටී.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම