කොරොනා වසංගතය ගෝලීය හදිසි තත්ත්වයක් නොවන බව ප්‍රකාශයට පත්කිරීම ලබන වසරේ
2022-12-15 21:48:42
Share with:

නව කොරොනා වසංගතය ගෝලීය සෞඛ්‍ය හදිසි අවස්ථාවක් නොවන බව ලබන වසරේ ප්‍රකාශයට පත්කිරීමට අපේක්ෂා කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

එම සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් Tedros Adhanom Ghebreyesus මහතා ඊයේ(14) පැවති මාධ්‍ය හමුවක දී මේ බව ප්‍රකාශ කළේය. නව කොරොනා වසංගතය තවදුරටත් හදිසි අවස්ථාවක් නොවන බවට විනිශ්චය කිරීමේ නිර්ණායක සම්බන්ධයෙන් 2023 ජනවාරි මාසයේදී ලෝක සෞඛ්‍ය සංවිධාන හදිසි කමිටුව සාකච්ඡා කරන බව ද හෙතෙම පැවසීය.

නව කොරොනා වසංගතය "ජාත්‍යන්තර  වශයෙන් අවධානය යොමුවන මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවක්" ලෙස ප්‍රකාශයට පත්කෙරුණේ 2020 ජනවාරි 30 වැනිදා ය. ජාත්‍යන්තර සෞඛ්‍ය රෙගුලාසි යටතේ ලෝක සෞඛ්‍ය සංවිධානයට නිකුත් කළ හැකි ඉහළම මට්ටමේ අනතුරු ඇඟවීම මෙයයි.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම