ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර හෝටලයකට එල්ල වූ ප්‍රහාරය එක්සත් ජාතීන්ගේ ප්‍රධානියා දැඩි ලෙස හෙළා දකී
2022-12-14 10:57:36
Share with:

එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටේරෙස් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර හෝටලයකට එල්ල වූ ප්‍රහාරය තමන් දැඩි ලෙස හෙළා දකින බවයි.ප්‍රහාරය සිදු කළ අපරාධකරුවන් එහි වගකීම භාර ගත යුතු බවත් ඔහු ප්‍රකාශ කළේය‍.

මාධ්‍ය වාර්තාවලට අනුව පසුගිය සඳුදා කාබුල් අගනුවර චීන ජාතිකයින් සිටින හෝටලයකට නාඳුනන සන්නද්ධ පුද්ගලයින් විසින් ප්‍රහාරයක් එල්ල කර ඇත.එහි දී  ත්‍රස්තවාදීන් තිදෙනෙකු මිය ගිය අතර චීන සිවිල් වැසියන් කිහිප දෙනෙකු ද තුවාල ලබා ඇත. 

ප්‍රහාරයේ වගකීම ISIS අන්තවාදී සංවිධානයට අනුබද්ධිත සංවිධානයක් භාරගෙන තිබේ.මහලේකම්වරයා විපතට පත් වූ පවුල්වලට සිය ශෝකය ප්‍රකාශ කළ අතර තුවාල ලැබූවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කළ බව එක්සත් ජාතීන්ගේ ප්‍රධානියාගේ මාධ්‍ය ප්‍රකාශක Stephane Dujarric නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

අපරාධකරුවන් මෙම ප්‍රහාරය‌ට වගකිව යුතු බවත් ,ජාත්‍යන්තර මානුෂීය නීතිය යටතේ සිවිල් වැසියන්ට සහ මහජන දේපළට හානි සිදු කරන ප්‍රහාර දැඩි ලෙස තහනම් බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කර ඇත.

මෙම ත්‍රස්තවාදී ප්‍රහාරය දැඩි ලෙස හෙළා දකින බව චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක වං වෙන්බින් මහතා ද ඊයේ(13) ප්‍රකාශ කළේය. සිද්ධියෙන් බලපෑමට ලක් වූ පාර්ශ්වයන්ට සිය ශෝකය පළ කරන බවත්, තුවාල ලැබූවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන බවත් ඔහු පැවසීය. සිද්ධියට අදාළ පරීක්ෂණ කඩිනම් කරන ලෙසත්, ත්‍රස්තවාදීන්ට දැඩි ලෙස දඬුවම් ලබා දෙන ලෙසත්,ඇෆ්ගනිස්ථානයේ සිටින චීන ජාතිකයින්ගේ සහ ආයතන වල ආරක්ෂාව තහවුරු කරන ලෙසත්, ඇෆ්ගනිස්ථානයේ චීන තානාපති කාර්යාලය එරට තාවකාලින රජයෙන් ඉල්ලා සිටි බව ද ඔහු ප්‍රකාශ කළේය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම