ජනපති කැඳවූ සර්ව පාක්ෂික සමුළුවේදී එකඟතාවයක්
2022-12-14 11:25:59
Share with:

ජාතික ආරක්ෂාවට හෝ මානව හිමිකම්වලට හානි නොවන අයුරින් ජනවාර්ගික ප්‍රශ්නයට විසඳුම් සෙවීම සඳහා සර්ව පාක්ෂික සමුළුවක් ජනාධිපති කාර්යාලයේදී 13වැනිදා පැවැත්විණ.

ජාතික සංහිඳියාව ඇති කළ හැකි දැයි 75 වන නිදහස් දින සැමරුමට පෙර තමන්ට දැනුම් දෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී සියලුම දේශපාලන පක්ෂවලින් ඉල්ලා තිබේ.

මේ සඳහා අග්‍රාමාත්‍යවරයා, කථානායකවරයා, විපක්ෂ නායකවරයා සහ පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ රැසක නියෝජිතයින් සහභාගී වුවද ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් කිසිවෙකුත් ඒ සඳහා සහභාගී වී නොමැත.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම