ප්‍රථම චීන - ලාඕස භාණ්ඩ ප්‍රවාහන දුම්රිය නිල වශයෙන් ලාඕසයට භාරදෙයි
2022-12-14 20:17:23
Share with:

ප්‍රථම චීන - ලාඕස භාණ්ඩ ප්‍රවාහන දුම්රිය නිල වශයෙන් ලාඕසයට භාරදෙයි. 

මෙය අද (14) සිදුකෙරුණේ චීන දුම්රිය නිපැයුම් සමාගමේ Meishan ශාඛාවේ දීය. ඒ, ප්‍රථම චීන- ලාඕස භාණ්ඩ ප්‍රවාහන දුම්රියේ සියලු පරීක්ෂණ හා ආරක්ෂක ඇස්තමේන්තුව නිම කිරීමෙන් පසුවයි.

චීන දුම්රිය නිපැයුම් සමාගමේ Meishan ශාඛාව විසින් නිෂ්පාදනය කෙරුණු චීන - ලාඕස භාණ්ඩ ප්‍රවාහන දුම්රියේ ප්‍රථම ඇණවුමට දුම්රිය 300ක් ඇතුළත් ය. මේ මස තුළ ඒවා සියල්ලේම නිෂ්පාදනය හා අදාළ පරීක්ෂණ අවසන් කර චීන - ලාඕස දුම්රිය මාර්ගය ඔස්සේ නියමිත ස්ථානය වෙත යොමු කෙරෙනු ඇත.

මෙම දුම්රිය මාර්ගයේ මෙහෙයුම් නිල වශයෙන් ඇරඹුණේ  2021 වසරේ දෙසැම්බර් මාසයේ දීය. දෙරට ජනතාවට සුබසෙත සලසමින්, කලාපීය ආර්ථික හා වෙළඳ වර්ධනයට ඉන් ලැබුණු ප්‍රබල ගාමක බලය ප්‍රශස්‍ත තලයක පවතී.

ගුවන් විදුලිය
20240326අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම