බටහිරකරණය නොවූ චීන ලක්ෂණ සහිත නවීකරණ මොඩලයක සුවිශේෂත්වය
2022-12-14 14:14:16
Share with:

නවීකරණය යනු ක්‍රියාවලියකි. එය පරිවර්තනීය ක්‍රියාවලියක් ලෙස හැඳින්විය හැකිය. ඒ ක්‍රියාවලියේදී අලුත් දේ නොව, පවතින දේ අලුත් මුහුණුවරකින් ඉදිරිපත් කිරීම යන මොඩලය ඔස්සේ චීන නවීකරණ ක්‍රියාවලිය පිළිබඳව අපට හඳුනාගත හැකිය. ඒ හැඳින්වීම තුළ චීනය වසර ගණනාවක සිට පවත්වාගෙන එන හර පද්ධතීන් හා සාරධර්ම සුරැකෙන නවීකරණ ක්‍රියාවලියක් මගින් ආර්ථික සමෘද්ධිය, සමාජයීය ස්ථායිභාවය හා සංස්කෘතික දියුණුව සාක්ෂාත් කරගන්නා ආකාරය ලෝකයට විදහා පෑමට ඔවුන් සමත්ව ඇතැයි කොළඹ විශ්වවිද්‍යාලයේ  ජාත්‍යන්තර සබඳතා පිළිබඳ අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය කුලණි විජයබාහු මහත්මිය කියාසිටී.

එය හුදෙක් තවත් ඇමරිකානුකරණයක් හෝ බටහිරකරණයක් වීම වෙනුවට චීන ලක්ෂණ සහිත නවීකරණ මොඩලයක් ලෙස ලෝකය හමුවේ පෙනී සිටීම ඔවුන් දිනා ඇති ප්‍රධානතම ජයග්‍රහණයයි. එබැවින් චීන නවීකරණ ක්‍රියාවලිය අපට වැදගත් ය. චීන නවීකරණය සම්බන්ධයෙන් චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වන ජාතික කොංග්‍රසයේ දී ද වැඩි අවධානයකට බඳුන් විය. චීන ජනගහණය නවීකරණය කෙරෙහි ඔවුන් වැඩි අවධානයක් යොමු කර තිබීම හේතුවෙන් මේ වන විටත් මිලියන 800ක පමණ පිරිසක් දරිද්‍රතාවයෙන් මුදාගැනීමට හැකි වී තිබේ. අනෙක් අතට පොදු සමෘද්ධිය පිළිබඳ ආකෘතියක් සිය නවීකරණ ක්‍රියාවලිය ඔස්සේ ලෝකය හමුවේ තැබීමට ද චීනය සමත්ව ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස, බටහිරින් ඈඳා ගත් මොඩලයක් වෙනුවට චීන ලක්ෂණ සහිත සංවර්ධන මොඩලයක් එනම්, භෞතික පමණක් නොව ආධ්‍යාත්මික සංවර්ධනය කෙරෙහි ද නැඹුරුවක් ඇති ආකෘතියක් කෙරෙහි ඔවුන්ගේ අවධානය යොමු වී ඇතැයි ද ඇය වැඩිදුරටත් පෙන්වාදෙයි.

පසුගිය දශකයක කාලයක පටන් සංවර්ධනය සහ සොබා දහම සමතුලිත කරන්නේ කෙසේ ද යන්න කෙරෙහි ද චීනයේ අවධානය යොමුව තිබේ. මේ අතර ඔවුහු ලෝකය හමුවේ සාමකාමී සංවර්ධනය පිළිබඳ සංකල්පය ප්‍රවර්ධනය කරමින් සිටිති. එසේම, විදේශ කටයුතු මෙහෙයවීමේ දී අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට අතනොපොවන චීනය, කලාපීය හා ජාත්‍යන්තර කටයුතුවලදී හැකි පමණින් අනෙකාගේ පොදු යහපත කෙරෙහි අවධානය යොමු කිරීමේ ප්‍රතිපත්තියක සිට  ක්‍රියා කරමින් සිටින බව ද කුලණි විජයබාහු මහත්මිය පවසයි.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම