චීන ඇමරිකා උසස් රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්ගේ හමුව පිළිබඳ තොරතුරු අනාවරණය කෙරේ
2022-12-14 11:24:44
Share with:

චීන විදේශ උප ඇමති ශේ ෆෙං මහතා,ආසියා ශාන්තිකර කටයුතු පිළිබඳ ඇමරිකාවේ රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සහකාර රාජ්‍ය ලේකම් Daniel Kritenbrink මහතා හා චීන කටයුතු පිළිබඳ ධවල මන්දිරයේ ජාතිකාරක්ෂක කමිටුවේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂිකා Laura Rosenberger මහත්මිය සමග සාකච්ඡා පවත්වයි. පසුගිය 11, 12 දෙදින තුළ චීනයේ ලාං‍‍ෆාං නගරයේ දී එම සාකච්ඡා පැවැත්විණ.

දෙරටේ නායකයින් බාලී හමුවේදී පැමිණි එකඟතාවන් ක්‍රියාත්මක කිරීම, ද්විපාර්ශ්වීය සම්බන්ධතාවයේ මාර්ගෝපදේශ මූලධර්මය පිළිබඳ සාකච්ඡා ඉදිරියට ගෙනයාම මෙන්ම, තායිවාන ප්‍රශ්නය ඇතුළු සංවේදී ගැටළු සම්බන්ධයෙන් ද දෙපාර්ශ්වය එහිදී ගැඹුරු ලෙස සාකච්ඡා කළ බව චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක වං වෙන්බින් මහතා ඊයේ(13) පැවසීය.

අන්‍යෝන්‍ය ගරුත්වය, සාමකාමී සහජීවනය, පොදු ජයග්‍රහණය යන මූලධර්මය මත ඇමරිකාව සමග සම්බන්ධතාවය සංවර්ධනය කිරීම පිළිබඳ චීනයේ සංකල්පය වෙනස් නොවන බවත්, සිය ස්වාධිපත්‍යය, ආරක්ෂාව හා සංවර්ධන අයිතීන් සුරැකීම පිළිබඳ අධිෂ්ඨානය ද ස්ථිර බවත් චීන පාර්ශ්වය එම සාකච්ඡා තුළදී අවධාරණය කළේය.

ඇමරිකාව තමාට ආවේණික වටිනා ආකල්පයන් දරන්නා සේම, චීනය ද තමාට ආවේණික වටිනා ආකල්පයන් දරා සිටියි. එකිනෙකාට ගරු කරමින් තමන්ට අනන්‍ය ආකල්ප අනෙකා මත නොපැණවිය යුතු අතර සෙසු රටවල අභ්‍යන්තර කටයුතුවලට ද මැදිහත් නොවිය යුතු බව චීනය එහිදී ප්‍රකාශ කළේය.

මෙවර සාකච්ඡාව අවංක, ගැඹුරු, සංවර්ධනාත්මක බවටත්, අඛණ්ඩව අදහස් හුවමාරු කරමින් නායක දෙපළ‍ අතර එකඟතා ක්‍රියාවට නංවාලීමට පොදුවේ උත්සාහ කරන බවටත් දෙපාර්ශ්වය එහිදී ඒකමතිකව එකඟ වූ බව වං වෙන්බින් මහතා අනාවරණය කළේය.



ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම