තමන්ට ගැලපෙන සහයෝගිතා හවුල්කරුවන් තෝරාගැනීමට අවශ්‍ය ප්‍රඥාව අප්‍රිකානු රටවල් සතු බව චීනය කියයි
2022-12-14 18:37:03
Share with:

අප්‍රිකාවට සැබැවින්ම මිත්‍රශීලී වන්නේ කවුරුන්ද යන්න සම්බන්ධයෙන්, නිවැරදිවම පැවසිය හැක්කේ එම රටවල ජනතාවට බව චීනය පවසයි.

මේ දිනවල වොෂිංටන් නුවර පැවැත්වෙන ඇමරිකානු-අප්‍රිකානු නායක සමුළුවේ දී ඇමරිකානු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, චීනය සම්බන්ධයෙන් අනිසි ප්‍රකාශ පළකිරීම පිළිබඳව අදහස් දක්වමින් චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක වං වෙන්බින් මහතා අද(14) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී මේ බව ප්‍රකාශ කළේය.

අප්‍රිකාවේ සංවර්ධනයට සහාය වීම ජාත්‍යන්තර ප්‍රජාවේ පොදු වගකීමකි. අප්‍රිකාව සමඟ සැබෑ සමානාත්මතාවයෙන් යුතුව අන්‍යෝන්‍ය වාසිදායක සහයෝගිතා පැවැත්වීමට චීනය ඇමරිකාව ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාවට සාදරයෙන් ඇරයුම් කරන බව ද වං වෙන්බින් මහතා එහිදී පෙන්වා දුන්නේය.

ඇමරිකාව චීන-අප්‍රිකානු සහයෝගිතාව කෙරෙහි විවෘත ආකල්පයකින් සලකනු ඇතැයි චීනය බලාපොරොත්තු වේ. චීන-අප්‍රිකානු සහයෝගිතාව ඵලදායී ප්‍රතිඵල ලබා දී ඇති අතර, අප්‍රිකානු ජනතාව එය අවංකව පිළිගන්නා බව ද හෙතෙම කියාසිටියේය. තම අවශ්‍යතාවලට ගැලපෙන සහයෝගිතා හවුල්කරුවන් තෝරාගැනීම සඳහා අවශ්‍ය  ප්‍රඥාව හා හැකියාව අප්‍රිකානු රටවල් සහ එම ජනතාව සතු බව ද වං වෙන්බින් මහතා පැවසීය.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම