චීන හොංකොං පරිපාලනය චීන ජාතික ගීයේ ගෞරවය සුරැකීමට අනුබල දෙන බව චීනය කියයි
2022-12-14 18:10:10
Share with:

චීන හොංකොං විශේෂ පරිපාලන කලාපයේ ආණ්ඩුව, චීන ජාතික ගීයේ ගෞරවය දැඩි ලෙස ආරක්ෂා කිරීමට අනුබල දෙන බව චීන විදේශ අමාත්‍යාංශය පවසයි.

අන්තර්ජාලයේ ජාතික ගීය සෙවීමේ දර්ශකයන් හි අනුපිළිවෙළ වෙනස් කර, නිවැරදි ජාතික ගීය ඉහළ ම ස්ථානයේ තැබීම සඳහා චීන හොංකොං විශේෂ පරිපාලන කලාපයේ ආණ්ඩුව ඉදිරිපත් කළ ඉල්ලීම Google සමාගම ප්‍රතික්ෂේප කර තිබේ. ඒ සම්බන්ධයෙන් Google සමාගම සමග අඛණ්ඩව සාකච්ඡා කරන බව හොංකොං බලධාරීහු පවසති.

මේ පිළිබඳව, චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Wang Wenbin මහතා අද(14) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී පැවසුවේ, රට සංකේතවත් කරන ජාතික ගීය, ජාතික අභිමානය නියෝජනය කරන බවයි. හොංකොං විශේෂ පරිපාලන කලාපයේ ආණ්ඩුව ජාතික ගීයේ ගෞරවය දැඩි ලෙස ආරක්ෂා කිරීමට අනුබල දෙන බව ද හෙතෙම කියා සිටියේය. වැරදි තොරතුරු පළකරමින් ජනතාව මුළාකිරීම වෙනුවට ජනතාවට නිවැරදි තොරතුරු ලබාදීමේ වගකීමක් අන්තර්ජාල සමාගම්වලට ඇති බව ද හෙතෙම අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම