චීන උප අග්‍රාමාත්‍යවරයා හා ඉරාන ජනාධිපතිවරයා අතර හමුවක්
2022-12-14 09:57:51
Share with:

චීන උප අග්‍රාමාත්‍යවරයා ඉරාන ජනාධිපතිවරයා හමුවේ.

චීන උප අග්‍රාමාත්‍ය Hu Chunhua මහතා ඊයේ (13) ඉරානයේ Teheran නුවර හිදී ඉරාන ජනාධිපති Seyed Ebrahim Raisi මහතා හමුවිය. 

චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ සුබ පැතුම් Seyed Ebrahim Raisi මහතා වෙත Hu Chunhua මහතා විසින් පිරිනමන ලදි. චීනය උපාය මාර්ගික මට්ටමේ සිට ඉරානය සමග සම්බන්ධතාවය සලකන බවත්, චීන-ඉරාන පූර්ණ උපාය මාර්ගික හවුල්කාරී  සබඳතාව සංවර්ධනය කිරීමේ අධිෂ්ඨානය වෙනස් නොවන බවත් ඔහු පැවසීය. බාහිර බලවේගයන්ගේ අයුතු මැදහත්වීම්වලට එරෙහිවීමටත්, රටේ ස්වාධිපත්‍යය, භෞමික අඛණ්ඩව හා ජාතික අභිමානය සුරක්ෂිත කිරීමටත් ඉරානයට චීනයෙන් අනුබලය හිමි වේ. ඉරානය සමඟ දෙරටේ නායකයන් එළඹි එකඟතාවන් ක්‍රියාත්මක කරමින් දෙරටේ ප්‍රායෝගික සහයෝගිතාව අඛණ්ඩව නව ජයග්‍රහණ ලබා ගැනීම ප්‍රවර්ධනය කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව ද Hu Chunhua මහතා ප්‍රකාශ කළේ ය. 

ඉරානය සෑම විටම චීනයේ විශ්වසනීය හවුල්කාරී රටක් බව ඉරාන ජනාධිපති Seyed Ebrahim Raisi මහතා එහිදී පෙන්වා දුන්නේ ය. අන්‍යෝන්‍ය කේන්ද්‍රීය ජයග්‍රහණ හා අවධානය යොමු කෙරෙන වැදගත් කටයුතු වලදී අන්‍යෝන්‍ය ලෙස අනුබල දෙමින් දෙරටේ පූර්ණ සහයෝගිතා සැලසුම් සක්‍රීය ලෙස ක්‍රියාත්මක කර වඩා වැඩි සහයෝගිතා ජයග්‍රහණ නිර්මාණය කිරීමට ඉරානය ‍අපේක්ෂා  කරන බව ඔහු අවධාරණය කළේය.  

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම