COP-15 ජෛව විවිධත්වය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සමුළුවේ 2වන අදියරේ සක්‍රීය ප්‍රගතියක්
2022-12-14 10:08:36
Share with:

COP-15 ජෛව විවිධත්වය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සමුළුවේ 2වන අදියර සක්‍රීය ප්‍රගතියක් අත්කර ගනී.

එම 2වන අදියරේ රැස්වීමේ මාධ්‍ය හමුවක් ඊයේ (13) පැවැත්විණ. චීන ජෛව පරිසර අමාත්‍ය, එම රැස්වීමේ සභාපති හුවන් ‍‍රුන් චියෝ මහතා එහිදී කියා සිටියේ COP-15 ජෛව විවිධත්වය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සමුළුවේ 2වන අදියර සක්‍රීය ප්‍රගතියක් අත්කර ගෙන ඇති බවයි.

මුදල් හා සම්පත් පරිහරණය,සැලැසුම්කරණය, අධීක්ෂණය,වාර්තාකරණය,පරීක්ෂණ හා හැකියා සංවර්ධනය ඇතුළු වැදගත් හා සංකීර්ණ කරුණු පිළිබඳව මේ වන විට 2වන අදියරේ රැස්වීමට එක්ව සිටින පාර්ශ්වයන් අතර මතභේද පවතී. අවසන් ඉලක්කය සාක්ෂාත් කිරීම සඳහා වඩාත් ධෛර්යයෙන්, නුවණින් , අධිෂ්ඨානයෙන් , නම්‍යශීලිත්වයෙන්, ඉවසීමෙන් හා අවංක ආකල්පයෙන් යුතුව එම මතභේද දුරු කරන ලෙස හුවන් ‍‍රුන් චියෝ මහතා විවිධ පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් ද කර ඇත. COP-15 ජෛව විවිධත්වය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සමුළුවේ 2වන අදියර අවසන් එකඟතාවට පැමිණ සාර්ථකත්වය ලබා ගැනීමට හැකි වෙතැයි තමන් විශ්වාස කරන බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම