යුරෝපා සංගමය චීන ලක්ෂණ සහිත නවීකරණ මාර්ගයේ වැදගත් හවුල්කරුවෙකු බවට පත්වනු ඇතැයි අපේක්ෂා
2022-12-14 15:56:28
Share with:

යුරෝපා සංගමය චීන ලක්ෂණ සහිත නවීකරණ මාර්ගයේ වැදගත් හවුල්කරුවෙකු බවට පත්වනු ඇතැයි බලාපොරොත්තු වන බව යුරෝපා සංගමයේ චීන දූත පිරිසේ නව ප්‍රධානි Fu Cong මහතා පවසයි.

හෙතෙම මේ බව පැවසුවේ, ඊයේ(13) පුරෝපා සංගමයේ බාහිර ක්‍රියාකාරී සේවා ආචාර කටයුතු පිළිබඳ ප්‍රධානියා වෙත සිය අක්තපත්‍රයේ පිටපතක් භාර දුන් අවස්ථාවේදී ය.

චීනයේ සුපිරි-විශාල වෙළඳපොළ, වඩාත් විවෘත ක්‍රමවේද සහ ගැඹුරු ජාත්‍යන්තර සහයෝගීතා අවස්ථාවන් යුරෝපා සංගමය විසින් බෙදා ගනු ඇතැයි චීනය අපේක්ෂා කරන බව ද Fu Cong මහතා එහිදී පැවසීය.

අන්‍යෝන්‍ය යහපත සහ පොදු ජයග්‍රහණ පවත්වා ගැනීම, චීන-යුරෝපා සහ ජගත් ප්‍රජාවේ පොදු අපේක්ෂාවන් බවත් චීන-යුරෝපා සබඳතා සංවර්ධනය ඉදිරියට මෙහෙයවා චීන හා යුරෝපා රටවල ජනතාව අතර මිත්‍රත්වය වැඩිදියුණු කිරීමට තමා උත්සාහ දරන බවත් හෙතෙම සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම