චීන අගමැති තුන්වන චීන දකුණු කොරියානු ව්‍යාපාරිකයින් හා හිටපු උසස් නිලධාරීන්ගේ සංවාදය අමතයි
2022-12-13 11:18:32
Share with:

චීන අගමැති ලී කච්‍යං මහතා, තුන්වන චීන දකුණු කොරියානු ව්‍යාපාරිකයින් හා හිටපු උසස් නිලධාරීන්ගේ සංවාදය අමතයි.

එම සංවාදය ඊයේ(12) වීඩියෝ ආකාරයෙන් පැවැත්විණ. දකුණු කොරියාව සමග අධිනව තාක්ෂණ නිෂ්පාදනය, හරිත ආර්ථිකය, මහ දත්ත යන ක්ෂේත්‍රවල සහයෝගතා පුළුල් කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව ලී කච්‍යං මහතා කීය. කලාපීය හා ගෝලීය කර්මාන්ත දාමයේ හා සැපුයම් දාමයේ ස්ථාවරත්වය පොදුවේ සහතික කිරීම සඳහා, චීන දකුණු කොරියානු නිදහස් වෙළද ගිවිසුම පිළිබඳ සාකච්ඡාවේ දෙවන අදියර කඩිනමින් සම්පූර්ණ කිරීමට අපේක්ෂා කරන බව ද ඔහු පවසා ඇත. 

විවෘතභාවය පිළිබඳ මූලික ජාතික ප්‍රතිපත්තියෙහි එල්බ සිටින චීනය සිය දේශීය වෙළෙඳපොල තවදුරටත් ව්‍යාප්ත කරනු ඇත. විදේශ ව්‍යාපාරවල ආයෝජන අයිතීන් ආරක්ෂා කිරීමටත්, වෙළෙඳපොලකරණය, නීති පාලනය හා ජාත්‍යන්තරකරණය පිළිබඳ ව්‍යාපාරික පරිසරයක් ගොඩනැගනීමටත් පියවර ගැනේ. විවිධ ව්‍යාපාර අතර සාධාරණ තරගකාරීත්වය දිරිමත් කෙරෙනු ඇත. දකුණු කොරියාව ඇතුළු විවිධ රටවල ව්‍යාපාර චීනය සමග සහයෝගතා ව්‍යාප්ත කිරීම පිළි ගන්නා අතර අන්‍යෝන්‍ය වාසී හා පොදු ජයග්‍රහණ ඉටු කිරීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කරන බව ද චීන අගමැතිවරයා ප්‍රකාශ කර ඇත. 

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම