අප්‍රිකාව, මහා බලවතුන්ගේ ලාභය සඳහා වන තරඟ පිටියක් නොවේ - චීනය අවධාරණය කරයි
2022-12-13 18:30:10
Share with:

අප්‍රිකාව, මහා බලවතුන්ගේ ලාභය සඳහා වන තරඟ පිටියක් ලෙස සැලකීමට එරෙහිව දැඩි විරෝධය පළකළ යුතු බව  චීනය ජගත් ප්‍රජාවට දන්වයි.

ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ඇමරිකානු-අප්‍රිකානු නායක සමුළුව සම්බන්ධයෙන් අදහස් දක්වමින් චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක වං වෙන්බින් මහතා අද(13) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී මේ බව ප්‍රකාශ කළේය. සමස්ත ජාත්‍යන්තර ප්‍රජාව අප්‍රිකාව කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතු බව ද හෙතෙම කියාසිටියේය.

සංවර්ධන අභියෝගයන්ට මුහුණදීමේ දී කිසිදු ඇමරිකානු රජයක්, අප්‍රිකාවට කිසි විටෙක උපකාර කළේ නැත. එහෙත්, ගෝලීය වශයෙන් චීනයේ හා රුසියාවේ ශක්තිය මැඩපැවැත්වීමේ උපකරණ ලෙස අප්‍රිකානු රටවල් යොදාගැනීමට ඇමරිකාව උත්සාහ කළ බව දකුණු අප්‍රිකානු ගෝලීය සංවාද ආයතනය පසුගියදා නිකුත් කළ වාර්තාවකින් පෙන්වා දී තිබේ. ඇමරිකාවේ හිංසාකාරී රාජ්‍යතාන්ත්‍රිකත්වය හා සසඳන විට, අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවන, අන්‍යෝන්‍ය ප්‍රතිලාභ පොදුවේ ලබාගැනීමේ චීන ස්ථාවරයට අප්‍රිකානු රටවල උණුසුම් පිළිගැනීමක් හිමිව ඇතැයි ද එම වාර්තාවේ දැක්වේ.

අන්‍යෝන්‍ය ගරුත්වය, සමානාත්මතාව සහ අවංක සහයෝගිතාවයෙන් යුතුව අප්‍රිකානු රටවල හවුල්කරුවෙකු වීමේ අවශ්‍යතාව චීනය සැමවිටම අවධාරණය කරන බව ද වං වෙන්බින් මහතා එහිදී පෙන්වා දුන්නේය.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම