හම්බන්තොට වරායෙන් මෝටර් රථ ප්‍රතිනැව්ගත කිරීමේ වර්ධනයක්
2022-12-13 10:31:01
Share with:

2022 වසරේ නොවැම්බර් දක්වා කාලපරිච්ඡේදය තුළ දී මෝටර් රථ 504,185 ක් හම්බන්තොට වරාය හරහා ප්‍රතිනැව්ගත කර තිබේ. මෙය පෙර වසර හා සැසඳීමේ දී 4% ක වර්ධනයකි.

මෙලෙස හම්බන්තොට වරායට ඉන්දියාව, දකුණු කොරියාව, ජපානය හා මැදපෙරදිග රටවලින් වාහන ගොඩබස්වා ඇති අතර ඒවා නැගෙනහිර සහ දකුණු අප්‍රිකාව, මෙක්සිකෝව, මැදපෙරදිග, චිලී හා ජපානය යන රටවල් සහ කලාප වෙත ප්‍රතිනැව්ගත කර ඇත.

2021 වසරේ දී හම්බන්තොට වරාය හරහා ප්‍රතිනැව්ගත කර ඇති මෝටර් රථ සංඛ්‍යාව 484,567 කි.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම