තමා ප්‍රිය කරන දේවල් කිරීමෙන් තෘප්තිමත් වන ---ස්වෙච්ඡා ගුරුවරුයකු වන Yuanhuiගේ කතාව
2022-12-13 16:40:17
Share with:

Yuanhui 1988 වසරේ චීනයේ Jiangsu පළාතේ කුඩා ගම්මානයක උපත ලැබුවා. 14වන  වියේ දී, පියා සමග නගරයට ගොස් අධ්‍යාපනය ලබාගැනීමේ අවස්ථාවක් ඔහුට ලැබුණා. ගම්මානයේ සිට නගරය දක්වා පැමිණි ඔහු, සිය අත්දැකීම් වලින් අවබෝධ කරගත්තේ ග්‍රාමීය ප්‍රදේශ වල ළමුන් අධ්‍යාපනය කෙරෙහි දැඩි ඇල්මක් දක්වන බවයි. ඒ නිසාම ගම්මානයේ ස්වේච්ඡා ගුරුවරයෙක් බවට පත්වීමේ අපේක්ෂාවක් තරුණ Yuanගේ සිතේ ඇති වුණා.

2012 වසරේ ‍විශ්වවිද්‍යාල උපාධිධාරියෙක් බවට පත්වීමෙන් පසු, Yuan එකල ඉතා දුෂ්කර, කඳුකර කෝරළයක් වන Badong කෝරළය කරා ධාවනය කෙරෙන දුම්රියට නැග්ගා. ඒ දුම්රිය ගමනාන්තයේ සිට මේ දක්වා ඔහුටත් නොදැනිම වසර 10ක් එම ප්‍රදේශයේ ජීවත් වුණා. Yuan උගන්වන ළමයින්ගෙන්, බහුතරයකගේ දෙමාපියන්, ළමයින් ගෙන් ඈත් වෙලා වෙනත් ප්‍රදේශ වල සේවය කරන පිරිසක්. ඒ නිසා විවේක කාලයේ, ඔහු සෑම ළමයෙකුගේම නිවසට ගොස් ඔවුන්ගේ ජීවන රටාව පිළිබඳ අවබෝධ කර ගත්තා. Yuanගේ විශේෂත්වය වන්නේ Yuan සෑම ළමයෙකුට ම සරිලන තත්ත්වයන් අනුව වෙනස් ඉගැන්වීමේ ක්‍රම භාවිතා කිරීමයි.

ගතවූ වසර 10 තුළ, Yuanhui ඉගැන්වූ ළමයින් ගෙන් බොහෝ දෙනෙක් උසස් විශ්වවිද්‍යාලවලට ද ඇතුළු වුණා. Yuan ගුරුතුමාගේ මෙම විශිෂ්ඨ සේවය දුටු ඔහුගේ සිසුන් ද එය අගය කරමින් කඳුකර ප්‍රදේශවල දරුවන්ට විවිධාකාරයෙන්  උපකාර කිරීමට යොමු වුණා. මේ ගැන Yuan ගේ සිතේ ඇති වුණේ සුන්දර ලෙන්ගතුකමක්.

කඳුකර ප්‍රදේශයෙන් පිටත් වී නගරයට ආපසු යන්නට අවස්ථා රැසක් ලැබුණත්,ඔහු එවැනි අවස්ථා ප්‍රතික්ෂේප කළා. තමා ප්‍රිය කරන දේවල් කිරීමෙන් වඩා තෘප්තිමත් වන බවත්, තමන්ගේ වටිනාකම හා එවිට ජීවිතයෙන් ලැබෙන ආශ්වාද‌ෙයන් තමා වඩාත් සෑහීමකට පත්වන  බවයි  Yuanhui ප්‍රකාශ කළේ.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම