නැන්ජිං සමූල ඝාතනයෙන් මියගිය පිරිස සිහිපත් කිරීමට ජාතික අනුස්මරණ උත්සවයක්
2022-12-13 10:57:17
Share with:


චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාව සහ රාජ්‍ය මණ්ඩලය ඊයේ (13) උදෑසන නැන්ජිංහි දී , නැන්ජිං සංහාරයේ වින්දිතයන් වෙනුවෙන් ජාතික අනුස්මරණ උත්සවයක් පැවැත්වීය.චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ ස්ථාවර කමිටු සාමාජික සහ චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ ලේකම් කාර්යාලයේ ලේකම් CAI Qi  එම උත්සවයට සහභාගී වී දේශනයක් ද පැවැත්වීය.

චීනයේ ජාතික අනුස්මරණ උත්සවය පැවැත්වෙන ස්ථානය වන නැන්ජිං නුවර, නැන්ජිං සංහාරයේ වින්දිතයන් සඳහා වූ අනුස්මරණ ශාලාවේ දී ජාතික ධජය ද ඔසවා අඩකුඹු කර ඇත.

‍  නැන්ජිං සංහාරයෙන් පීඩාවට ලක් වූ වින්දිතයින් වෙනුවෙන් ගෞරවනීය ලෙස ශෝකය පළ කරන්නේ,සාමකාමී සංවර්ධන මාවතේ නොසැලී ගමන් කිරීමට චීන ජනතාවගේ උසස් අභිලාෂයන් ප්‍රකාශ කිරීමට බව CAI Qi මහතා සිය දේශනයෙන් පෙන්වා දුන්නේය. ඉතිහාසයේ මතකයන් ආවර්ජනය කරමින් සහ හැම විටම සාමය අගය කරමින්, දීප්තිමත් අනාගතයක් නිර්මාණය කිරීමට චීන ජනතාව තුළ පවතින කැපවීම  හා ස්ථාවරත්වය ද එයින් පෙන්නුම් කරන බව ද CAI Qi මහතා අවධාරණය කළේය.

2014 පෙබරවාරි 27 වැනිදා 12 වන චීන ජාතික මහජන කොංග්‍රසයේ  ස්ථාවර කමිටුවේ 7 වන රැස්වීමේ දී  නැන්ජිං සමූල ඝාතනයේ වින්දිතයන් වෙනුවෙන් ජාතික අනුස්මරණ දිනය ලෙස දෙසැම්බර් 13 වන දින ප්‍රකාශයට පත් කරන ලදී.


ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම