චීන-දකුණු කොරියානු විදේශ අමාත්‍යවරුන් අතර වීඩියෝ හමුවක්
2022-12-13 11:59:09
Share with:

චීන-දකුණු කොරියානු විදේශ අමාත්‍යවරු වීඩියෝ ආකාරයෙන් හමු වෙති. එම හමුව ඊයේ (12) පැවැත්විණ.

දකුණු කොරියාව සමඟ උපායමාර්ගික හුවමාරුව ශක්තිමත් කරමින්, සහයෝගිතාව හා පොදු ප්‍රතිලාභ සම්බන්ධයෙන් චීනය අවධානය යොමු කරන බව චීන විදේශ අමාත්‍ය වං යී මහතා පැවසීය. පොදුවේ ද්විපාර්ශ්වික සබඳතාව ප්‍රවර්ධනය කිරීමටත්, නිෂ්පාදන සහ සැපයුම් දාමවල ආරක්ෂාව සහතික කිරීමටත්, ජාත්‍යන්තර නිදහස් වෙළඳ පද්ධතිය ආරක්ෂා කිරීමටත්, කලාපීය හා ගෝලීය ප්‍රශ්නවල සහයෝගිතා ශක්තිමත් කිරීමටත් චීනය අපේක්ෂා කරන බව ද හෙතෙම පෙන්වා දුන්නේය. 

චීනයේ අඛණ්ඩ සමෘද්ධිය සහ සංවර්ධනය අපේක්ෂා කරන බව දකුණු කොරියානු විදේශ අමාත්‍ය Park Jinමහතා කීය. දෙරටේ නායකයන්ගේ වැදගත් එකඟතා අනුගමනය කරමින්, උසස් පෙළේ හුවමාරුව, ආර්ථීක සහයෝගිතාව, සංස්කෘතික හුවමාරුව සහ ජනතාව අතර හුවමාරුව ශක්තිමත් කර ද්විපාර්ශ්වික සබඳතාව ඉහළ මට්ටමකට ප්‍රවර්ධනය කිරීමට දකුණු කොරියාව කැමැත්තෙන් සිටින බව හෙතෙම පැවසීය. 


ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම