පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීම පිළිබඳව අධ්‍යාපන අමාත්‍යංශයෙන් නිවේදනයක්
2022-12-13 10:32:16
Share with:

පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීම, අදාළ පාසල් මඟින් පමණක් සිදු කෙරෙන අතර එම කටයුතු අධ්‍යාපන අමාත්‍යංශය හරහා සිදු නොකෙරෙන බව නිවේදනය කෙරේ. 

එමෙන්ම 2022 අපොස සාමාන්‍ය පෙළ ප්‍රතිඵල මත උසස් පෙළ හැදෑරීම සඳහා අයදුම් කිරීමේ දී උසස් පෙළ විෂය ධාරාව නොමැති පාසල්වල සිසුන් විසින්, එම විෂය ධාරා ඇති පාසල් සඳහා ඉල්ලුම්පත්‍ර අදාළ පාසලට ම යොමු කිරීම සිදු කළ යුතු අතර අධ්‍යාපන අමාත්‍යංශය වෙත අයදුම්පත් යොමු කිරීම සිදු නොකළ යුතුය.

2023 වර්ෂයේ අතර මැද පන්ති සඳහා සිසුන් ඇතුළත් කිරීම සිදු කරනු ලබන්නේ, 2022 වර්ෂයේ තෙවන පාසල් වාරය අවසන් වන 2023 මාර්තු මස 24 දිනට පසු, පාසල්වල පවතින පුරප්පාඩු මත පාසල් වෙත යොමු කෙරෙන අයදුම්පත් සලකා බැලීමෙන් බවද අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

ගුවන් විදුලිය
20240507අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම