චීනයේ සාර්ථකත්වය නිෂ්පාදන බලවේග සහ නිෂ්පාදන සම්බන්ධතා භාවිතය මැනවින් යොදා ගැනීමයි
2022-12-13 12:10:12
Share with:

මේ වන විට ආසියාවේ රටවල් අතරින් චීනය, ඉතා දියුණු තත්වයකට පැමිණ තිබේ. දළ ජාතික ආදායම ඉතා ඉහළ අගයකට පැමිණ ඇත. කාල් මාක්ස් ගේ දැක්මට අනුව එය අන්තර් ව්‍යූහයට පැමිණීමකි.  චීනය,  නිෂ්පාදන බලවේග සහ නිෂ්පාදන සම්බන්ධතා භාවිතය මැනවින් යොදා ගෙන ඇති බව  යුනෙස්කෝ සංවිධානයේ ශ්‍රී ලංකා ජාතිනා කොමිසමේ  හිටපු මහ ලේකම් ආචාර්ය පී.එන් මීගස්වත්තේ මහතා පවසයි.

නිෂ්පාදන බලවේග යනු භාවිත ශිල්පක්‍රම සහ තාක්ෂණය මූලිකවම සැලකේ. අධිවේගී දුම්රිය පද්ධති ඊට කදිම නිදසුනකි.  තාක්ෂණය සහ ශිල්පීය ක්‍රම භාවිත කිරීම තම රට තුළ පමණක් නොව වෙනත් රටවලටද ලබා දීමට චීනය මේ වන විට සමත්ව තිබේ.  චීනයේ නිෂ්පාදන සම්බන්ධතා ක්‍රියාත්මක වනුයේ ශ්‍රම හමුදාව මතය.  ඔවුන්ගේ ශිල්පීය ඥානය, දැනුම, කුසලතා, විනය සහ සෞඛ්‍යමත් පිරිසක් වීම සංවර්ධනයේ රහස බවට පත්ව ඇතැයි හෙතෙම කියා සි‍ටී.

චීනයේ සාර්ථකත්වයට තවත් හේතුවක් වී ඇත්තේ සෙසු රටවල් සමග දේශපාලන ගැටුම් ඇති කර නොගැනීමය. සාමකාමීව හා සාකච්ඡාමය වශයෙන් ගැටලු විසඳාගැනීම ඔවුන්ගේ ක්‍රමවේදය වේ. එමගින් ඉහළ තත්වයකට පැමිණි රාජ්‍යයක ලක්ෂණ චීනය පෙන්නුම් කරයි. මේ වන විට ලෝකයේ දෙවන ආර්ථික බලවතා බවට පත්වීමට බලපෑ කරුණු මෙසේ වන අතර, පළමු ස්ථානයට පැමිණීමට ද චීනයට හැකි බව ආචාර්ය පුංචිනිලමේ මීගස්වත්තේ මහතා පෙන්වා දෙයි. 

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම