චීනයේ නවීකරණයට සහ ආර්ථික හා සාමාජීය වර්ධනයට ඉවහල්වී ඇත්තේ සහයෝගී ප්‍රතිපත්තියයි
2022-12-12 10:01:30
Share with:

චීනයේ දැනුම, සංවර්ධනය, සෞඛ්‍ය ආදී ක්ෂේත්‍ර සෙසු රටවලට ද ආදර්ශයට ගත හැකිය. කොරොනා අවධියේදී ඔවුන් ගත් තීන්දු තීරණ ගඑයට නිදසුනකි. රටවැසියන් වෙනුවෙන් පෙනී සිටීම අතින් ඉතා ඉහළ තැනක් ගනී. මහල් නිවාස ඉදිකිරීමේදී වුව ද ජනතාවගේ වාසයට සුදුසු පරිසරයක් නිර්මාණය කිරීමට ඔවුන් ක්‍රියා කිරීම මෙහිදී වැදගත් තැනක් ගනී. එහිදී තාක්ෂණය උපරිමව යොදාගෙන තිබේ.

සෙසු රටවලට සහයෝගය දැක්වීම කැපී පෙනේ. ශ්‍රී ලංකාව අතින් ගත් කළ අධිවේගී මාර්ග, රෝහල්, මහාමාර්ග සඳහාද  උපකාර කර තිබේ. චීනයේ ඇති දැනුම් පද්ධතිය, හර පද්ධතිය ඒ ඒ රටවලට සම්ප්‍රේෂණය කිරීම වැදගත් කරුණක් බව බස්නාහිර පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ වෛද්‍ය නිලධාරී, ශ්‍රී ලංකා රජයේ ආයුර්වේද ද්‍යෛ නිලධාරී සංගමයේ ජාතික සංවිධායක වෛද්‍ය ඩී.කේ.අභයතිලක දේවගිරි මහතා කියා සිටී.

නවීන තාක්ෂණය යොදා ගැනීම සම්බන්ධයෙන් ගත් කල සෞඛ්‍යමය ක්ෂේත්‍රයට ඔවුන් දායාද කළ චීන කටු චිකිත්සාව පෙරට වඩා වර්ධනය වී තිබේ. එමෙන්ම, ආත්මාරක්ෂාව වෙනුවෙන් ලෝකයට තිළිණ කර තිබෙන කුංග්ෆු සටන් කලාව ද පෙරට වඩා වර්ධනීය තත්වයකට පත්ව තිබේ. චීනයට ආවේනික සංස්කෘතිය ඔස්සේ ආදර්ශ සපයන උසස් සිනමාවක් චීනයට හිමි බවද හෙතෙම සඳහන් කරයි.

සියල්ලම අභිබවා ගිය මිත්‍රශීලී ප්‍රතිපත්තිය චීනයේ නවීකරණයට සහ ආර්ථික හා සාමාජීය වර්ධනයට ඉවහල්වී තිබේ. ජනවර්ග කෙරෙහි දක්වන සහනශීලී හා සමානුපාතික බව චීනයේ ජයග්‍රහණයට හේතුපාදක වී ඇතැයි ද වෛද්‍ය ඩී.කේ.අභයතිලක දේවගිරි මහතා පෙන්‍වා දෙයි.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම