චීනයෙන් තවත් චන්ද්‍රිකාවක්
2022-12-12 20:00:18
Share with:
චීනය අංක 20 A/B චන්ද්‍රිකාව සාර්ථකව ගුවන්ගත කරයි.
බෙයිජිං වේලාවෙන් අද (12) සවස 4:22 ට, Jiuquan චන්ද්‍රිකා ගුවන්ගත කිරීමේ මධ්‍යස්ථානයේ සිට Long March 4C වාහක රොකට්ටුවෙන් අංක 20 A/B චන්ද්‍රිකාව සාර්ථකව ගුවන්ගත කෙරිණ. එය නියමිත කක්ෂයට නිසි පරිදි ඇතුළු විය. එම චන්ද්‍රිකාව ප්‍රධාන වශයෙන් අභ්‍යවකාශ පරිසරය නිරීක්ෂණය වැනි නව තාක්ෂණයන්හි සත්‍යාපන පරීක්ෂණ සඳහා යොදා ගැනේ.
මෙවර සිදුකෙරුණේ Long March වාහක රොකට්ටු මාලාවේ 454 වැනි ගුවන් මෙහෙයුමයි.