යුක්රේන ජනාධිපති Volodymyr Zelensky ඇමරිකා ජනාධිපති ජෝ බයිඩන් සමඟ දුරකථන සංවාදයක නිරත වෙයි
2022-12-12 10:39:01
Share with:

අද (12) උදෑසන යුක්රේන ජනපති Volodymyr Zelensky නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ තමා ඇමරිකා ජනාධිපති ජෝ බයිඩන් සමඟ දුරකථනයෙන් සාකච්ඡා කළ බවයි. යුක්රේනයට ලබා දෙන ආරක්ෂක සහ මූල්‍ය ආධාර සඳහා ඇමරිකාවට ස්තූතිය පළ කළ සෙලෙන්ස්කි බලශක්ති ක්ෂේත්‍රයේ සහයෝගීතාව පුළුල් කිරීමට ඉදිරියේ දී බලාපොරොත්තු වන බව ද ප්‍රකාශ කර ඇත. සිවිල් වැසියන් සහ යුක්රේනයේ තීරණාත්මක යටිතල පහසුකම් ආරක්ෂා කිරීම සඳහා යුක්රේනයේ ගුවන් ආරක්ෂක පද්ධතිය ශක්තිමත් කිරීමේ වැදගත්කම ද හෙතෙම අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම