දේශීය ආදායම් – වැට් බදු පනත් පාර්ලිමේන්තුවේ දී වැඩි ඡන්දයෙන් සම්මතයි
2022-12-12 13:21:11
Share with:

දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳව තෙවනවර කියවීම පාර්ලිමේන්තුවේදී සංශෝධන සහිතව වැඩි ඡන්ද 43 කින් සම්මත විය. පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 79 ක් ලැබුණූ අතර විරුද්ධව ලැබුණේ ඡන්ද 36 ක් පමණි. දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත තෙවනවර කියවීම සඳහා බෙදීමක් අවශ්‍ය බවට පාර්ලිමේන්තු මන්ත්‍රි විජිත හේරත් මහතා ඉල්ලා සිටි අතර ඡන්ද විමසීම පැවැත්වුනේ ඒ අනුවය. පනත් කෙටුම්පතට විරුද්ධව සමගි ජනබලවේගය, ජාතික ජනබලවේගය, උත්තර සභාගය, නිදහසේ ජාතික සභාව සහ ආණ්ඩුවේ සිට ස්වාධීන වූ මන්ත්‍රීවරු පිරිසක් ඡන්දය ප්‍රකාශ කළහ.

දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ දෙවනවර කියවීම වෙනුවෙන් ද ඡන්ද විමසීමක් පැවැත්විණ. එහිදී ඊට පක්ෂව ඡන්ද 83 ක් ද, විපක්ෂව ඡන්ද 47 ක් ද ලැබිණ. දෙවනවර කියවීම සඳහා ඡන්ද විමසීමක් අවශ්‍ය බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කළ ඉල්ලීමකට අනුව ඡන්ද විමසීම පැවැත්විණ. ඡන්දය විමසන අවස්ථාවේ ලංකා කම්කරු කොංග්‍රසය, දෙමළ ජාතික සන්ධානය, විපක්ෂයේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම, දෙමළ ජාතික ජනතා පෙරමුණ, දමිළ ප්‍රගතිශිලි සන්ධානය, මුස්ලිම් කොන්ග්‍රයේ මන්ත්‍රීවරු සභාවේ නොසිටියහ.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම