පාපන්දු ලෝක ශූරතාවලිය සාර්ථක ව පැවැත්වීම සම්බන්ධයෙන් කටාර් රාජ්‍යයට ගෝලීය පැසසුම් හිමිවිය යුතුය
2022-12-12 20:42:33
Share with:

මෙම සතියේ කටාර් පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අර්ධ අවසාන තරගය හා අවසාන මහ තරගය පැවැත්වෙන්නේ  සමස්ත ලෝකයේම අවධානය දිනාගනිමිනි. එය අරාබි ඉතිහාසයේ සන්ධිස්ථානගත අවස්ථාවක් ද වනු ඇත. ඒ, කටාර් රාජ්‍යය, පාපන්දු ලෝක කුසලාන තරගාවලියක් පැවැත්වූ ප්‍රථම අරාබි රට වීම නිසා ය.    

එහෙත්, කටාර් රාජ්‍යය මෙම තරගාවලිය සඳහා පැවැත්වීම අයදුම් කළ විගසම බටහිර රටවල අභූත චෝදනාවන්ට ලක්විය. ශ්‍රමිකයන් දහදහසක පමණ පිරිසක් කටාර් හිදී මිය ගිය බවට අසත්‍ය පුවත් ද ප්‍රකාශයට පත්කෙරිණ.  'රාජ්‍යතාන්ත්‍රික භාවයෙන් ප්‍රතික්ෂේප කිරීම ’ දක්වා, ‘දේශපාලනීකරණය’ වීම මෙම පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ මගහැරිය නොහැකි අභියෝගය බවට පත් ව තිබිණ. කටාර් රජය බොහෝ අවස්ථාවල මේ පිළිබඳ සත්‍යය විග්‍රහ කළ ද  බටහිර රටවල මාධ්‍ය ඊට ප්‍රතිචාර දැක්වූයේ නැත.

කටාර් රාජ්‍යයේ උප අග්‍රාමාත්‍ය මෙන් ම විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය Mohammed bin Abdulrahman bin Jassim Al Thani මහතා බටහිර මාධ්‍යයන් හි අභූත චෝදනා හා විවේචන මෙන්ම, ‘මැදපෙරදිග කුඩා රටක් ගෝලීය ක්‍රීඩා සැණකෙළිය පැවැත්වීම පිළිනොගන්නා ’ බවට කළ ප්‍රකාශ  හෙළාදැක්කේය.  මෙහි සැඟව පැවතුණු තවත් හේතුවක් ද බටහිර චෝදනාවලින් අනාවරණය විය. එනම් ‘ බටහිර රටවල කේන්ද්‍රවාදය' යි.   ‘ තමා අගය කිරීම ’ මෙන් ම සෙසු  රාජ්‍යයන්ගේ සවිමත් වීම පිළිනොගැනීම බටහිර රටවල සිරිත යි. එවැනි රටවල පිරිහීම ද එයින්ම සංකේතවත් වෙයි.

සැබැවින්ම, කටාර් රාජ්‍යය පාපන්දු ලෝක කුසලාන තරගාවලිය සාර්ථක ව පැවැත්වීම ගෝලීය පැසසුමට ලක් විය යුතුය. බටහිර රටවල පක්ෂග්‍රාහී වාර්තා පිටුදකින විචිත්‍රවත් අරාබි ලෝකයක් මෙමගින් අරුත් ගන්වනු ලැබීය. අවිනිශ්චිත වත්මන් ලෝකයට උද්‍යෝගී සවියක් මෙවර කටාර් පාපන්දු ලෝක කුසලාන තරගාවලියෙන් හිමිවීම කැපීපෙනෙන කරුණකි.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම