චීන ආධාර මත නැගෙනහිර පළාත් පාසල්වලට සූර්ය බලශක්තිය
2022-12-11 18:25:55
Share with:

රටේ පවතින ආර්ථික හා බලශක්ති අර්බුද හමුවේ පාසල්වලට නොමිලේ සූර්ය බලශක්ති සම්බන්ධතා ලබාදීමට චීන රජය ඉදිරිපත් වෙයි.

ඒ අනුව නැගෙනහිර පළාතේ පාසල් 58කට රුපියල් ලක්ෂ 10 බැගින් වූ සූර්ය බලශක්ති සම්බන්ධතා ලබා දෙන අතර දැනට මඩකලපුව දිස්ත්‍රික්කයේ තෝරාගත් පාසල් අටකට සූර්ය බල සම්බන්ධතා ලබා දී ඇත.

මෙම ව්‍යාපෘතිය යටතේ මඩකලපුව කෝරකල්ලිමඩු ශ්‍රී රමණ මහර්ෂි විද්‍යාලයට සූර්ය බලශක්ති සම්බන්ධතා ලබාදීමේ විශේෂ උත්සවයක් ඊයේ(10) පැවැත්විණ. මෙහිදී ප්‍රධාන ආරාධිතයා ලෙස ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ නියෝජ්‍ය තානාපති හූවේ (Huwei) මහතා සහභාගි වූ අතර සූර්ය බලශක්ති සම්බන්ධතා විධිමත් ලෙස විවෘත කරන ලදී.

මෙහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය චීන තානාපති හූවේ (Huwei) මහතා පැවසුවේ ශ්‍රී ලංකාව සමඟ පවතින සමීප මිත්‍රත්වය වර්ධනය කර ගැනීමට චීන රජය සූදානමින් සිටින අතර, එය පදනම් කර ගනිමින් රටේ පවතින විදුලි හිඟය සහ ආර්ථික අර්බුදය හමුවේ චීන රජය මෙම සූර්ය බල සම්බන්ධතා ලබාදීමට ඉදිරිපත් වී ඇති බවයි. ඉදිරියේදී ශ්‍රී ලංකාවට අවශ්‍ය විවිධ සහය ලබාදීමට චීන රජය සූදානම් බවද ඔහු කියා සිටියේය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම