චීන ජනාධිපතිවරයාගේ සෞදි අරාබි සංචාරය ඉතා සාර්ථක බව චීන විදේශ ඇමති කියයි
2022-12-11 16:05:12
Share with:

පසුගිය 7වැනිදා සිට 10වැනිදා දක්වා චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ආරාධනාවකට අනුව සෞදි අරාබියේ රියාද් හි පැවති ප්‍රථම චීන අරාබි රාජ්‍ය නායක සමුළුව හා චීන ගල්ෆ් අරාබි රාජ්‍ය සහයෝගතා කවුන්සිලයේ නායක සමුළුවට එක් වෙමින්, එරට නිල සංචාරයක ද නිරත විය. චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ‍දේශපාලන කාර්යාංශයේ සාමාජික, රාජ්‍ය මණ්ඩල සාමාජික, විදේශ අමාත්‍ය වං යී මහතා එම සංචාරය පිළිබඳව මාධ්‍යට තොරතුරු අනාවරණය කළේය.

ෂී ජින්පිං ජනාධිපතිවරයාගේ මෙවර සංචාරය, නව චීනය පිහිටුවීමෙන් පසු අරාබි ලෝකයේ චීනය විසින් සිදුකරන ලද විශාලතම, උසස්ම රාජ්‍යතාන්ත්‍රික මෙහෙයුමක් වන අතර, චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වන ජාතික කොංග්‍රසයෙන් පසු සිදු කෙරුණු තවත් සාර්ථක චීන ලක්ෂණයෙන් යුතු රාජ්‍යතාන්ත්‍රික මෙහෙයුමක් බව වං යී මහතා කියා සිටියේය.

ගෙවී ගිය දශකයක් තුළ ෂී ජින්පිං ජනාධිපතිවරයා, යුගයේ සංවර්ධන ප්‍රවණතා සියුම් නිරීක්ෂණයට ලක්කර ලොව විවිධ රටවල ජනතාවගේ පොදු අවධානය ලත් කරුණුවලට ප්‍රතිචාර දක්වමින් ජනතාව මුහුණ පා ඇති ගැටළු සඳහා විසඳුම් ලබා දී තිබේ. නොසන්සුන්තාවයේ පවතින ලෝකයට ඉන් ඉදිරි දිශානතිය පැහැදිලි වී ඇත. දැවැන්ත රටක නායකයෙකුගේ ‍දූරදර්ශී අභිලාෂය හා ලෝකය කෙරෙහි දක්වන සැලකිල්ල ඔහුගෙන් මනාව පිළිබිඹු ‍වේ. ෂී ජින්පිං මහතාගේ මෙහෙයවීම යටතේ චීන ලක්ෂණයෙන් යුතු දැවැන්ත රටක රාජ්‍යතාන්ත්‍රය අංගසම්පූර්ණ හා නිර්මාණශීලිත්වයෙන් ජයග්‍රහණ දිනා ගෙන ඇතැයි ද, වං යී මහතා සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම