චීන ජනාධිපතිවරයාගේ මැද පෙරදිග සංචාරයේ ජයග්‍රහණ
2022-12-11 17:02:19
Share with:

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා පසුගිය 9 වැනිදා සෞදි අරාබියේ රියාද්හි පැවති පළමු චීන-අරාබි රාජ්‍ය නායක සමුළුවේදී දේශනයක් පැවැත්වීය. අන්‍යෝන්‍ය වශයෙන් සහය ලබා දීම, සමාන ලෙස අන්‍යෝනය ජයග්‍රහණ දිනාගැනීම, එකිනෙකාගෙන් අවබෝධයෙන් ඉගෙන ගැනීම යන චීන -අරාබි රාජ්‍ය මිත්‍රත්ව ජීවගුණය උරුම කරගෙන වඩා සමීප පොදු ඉරණමක් සහිත චීන-අරාබි රාජ්‍ය සබඳතාවක් ගොඩනැගීම පිළිබඳව එහිදී අවධාරණය කෙරිණ. එමෙන්ම "පළමු චීන-අරාබි රාජ්‍ය නායක සමුළුවේ රියාද් ප්‍රකාශය" එහිදී නිකුත් කෙරිණ. නව යුගය උදෙසා පොදු ඉරණමක් සහිත චීන-අරාබි රාජ්‍ය සබඳතාවක් ගොඩනැගීමට චීනය සහ අරාබි රාජ්‍යයන් එකඟ වූ බව එහිදී ප්‍රකාශ කර ඇත. එය මෙවර සමුළුවෙන් ලබා ගත් වැදගත් දේශපාලන ජයග්‍රහණයක් ලෙසට සැලකේ. 

සාමය සහ ආරක්ෂාව අරාබි රටවල ප්‍රධාන අවධානයට  ලක්ව ඇති කරුණකි. මෙවර සමුළුවේදී ෂී ජින්පිං මහතා අවධාරණය කළේ අරාබි රටවලට සිය රටේ තත්ත්වයන්ට ගැළපෙන සංවර්ධන මාවතක් ස්වාධීනව සොයා ගැනීමට චීනය සහය දක්වන බවත් ඕනෑම රටක  අනාගතය සහ ඉරණම එම රටවල් සතු බවත්ය. මැදපෙරදිග ප්‍රදේශයට අදාල කේන්ද්‍රීය ප්‍රශ්නය වන පලස්තීන ප්‍රශ්නය සම්බන්ධයෙන් හෙතෙම පැවසුවේ ජගත් ප්‍රජාව “ද්වි-රාජ්‍ය විසඳුම”කෙරෙහි දැඩි විශ්වාසය පළකළ යුතු බවයි. පලස්තීනයට අඛණ්ඩව මානුෂීය සහනාධාර ලබා දෙමින් ජන ජීවිතය හා සම්බන්ධ ව්‍යාපෘති ඉදිකිරීමට චීනය අනුබල දෙනු ඇත. සාධාරණ ලෙස කථාකිරීමට සහ සාධාරණ ලෙස කටයුතු කිරීමට චීනය දරන ස්ථාවරය මෙයින් පිළිබිඹුවේ.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම