2022 වසරේ නොබෙල් ත්‍යාග ප්‍රදානෝත්සවය පවත්වයි
2022-12-11 18:30:54
Share with:

2022 වසරේ නොබෙල් ත්‍යාග ප්‍රදානෝත්සවය ඊයේ (10) ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවරදී පැවැත්විණ.

2022 වසරේ භෞතික විද්‍යාව, රසායනික විද්‍යාව, කායික විද්‍යාව හෝ වෛද්‍ය විද්‍යාව, සාහිත්‍යය සහ ආර්ථික විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගයන් එහිදී ප්‍රදානය කෙරිණ. 

මේ වසරේ භෞතික විද්‍යාව සඳහා වූ නොබෙල් ත්‍යාගය ප්‍රංශ විද්‍යාඥ Alain Aspect, ඇමරිකානු විද්‍යාඥ John F. Clauser, ඔස්ට්‍රියානු විද්‍යාඥ Anton Zeilinger යන විද්‍යාඥයන් විසින් දිනා ගනු ලැබූහ. රසායනික විද්‍යාව පිළිබඳ ත්‍යාග ඇමරිකානු විද්‍යාඥ Carolyn R. Bertozzi, K. Barry Sharpless සහ ස්වීඩන් විද්‍යාඥ Morten Meldalට හිමි විය. 

කායික විද්‍යාව හෝ වෛද්‍ය විද්‍යාව පිළිබඳ ත්‍යාගය ස්වීඩන් විද්‍යාඥ SvantePaaboට ද ආර්ථික විද්‍යාව සඳහා ත්‍යාග Ben S. Bernanke, Douglas W. Diamond සහ  Philip H. Dybvig යන ආර්ථික විද්‍යාඥයින් තිදෙනාට ද ලබා දී තිබේ. එමෙන්ම සාහිත්‍ය ත්‍යාගය ප්‍රංශ ලේඛිකා Annie Ernauxට  පිරිනමන බවට ද ප්‍රකාශ කෙරිණ.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම