‘ගෝලීය සංවර්ධන යෝජනාව’ හා ‘ගෝලීය ආරක්ෂක යෝජනාව’ අතිශයින් වැදගත්- කියුබානු ජනපත් පවසයි
2022-12-11 15:44:14
Share with:

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ඉදිරිපත් කළ ගෝලීය සංවර්ධන යෝජනාව සහ ගෝලීය ආරක්ෂක යෝජනාව යන යෝජනා දෙක ලෝකයට ඉතා වැදගත් වන බව කියුබාවේ ජනාධිපති Miguel Díaz-Canel මහතා පවසයි.  

ඒ මහතා පසුගියදා චීන මාධ්‍ය සමූහය සමඟ පැවති වි‍ශේෂ සම්මුඛ සාකච්ඡාවකදී මේ බව සඳහන් කළේය.

මෙම යෝජනා ද්විත්වය ඒ ඒ රටවල ජනතාවගේ ජයග්‍රහණයන්ට අනුකූල වේ. එක්සත් ජාතීන්ගේ මහ සම්මේලනයේ ෂී ජින්පිං මහතා අදාළ යෝජනා දෙක ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, කියුබාව ඊට අනුබල සැපයූ බව හෙතෙම පැවසීය. ගෝලීය සංවර්ධන යෝජනාවේ අරමුණ සමස්ත ජනතාවගේ සංවර්ධනයට දායක වීම මිස, එක රටක් වෙනත් රටක් පාලනය කිරීම නොවේ. එම සහයෝගතා මගින් සියළු රටවල සංවර්ධනයට හා දියුණුවට අවස්ථා උදා වෙයි. එම යෝජනාව වත්මන් ලෝකයේ පවතින ඇතැම් අසාධාරණ ආර්ථීක ක්‍රියාදාමය වෙනස් කිරීම සඳහා පදනමක් සපයනු ඇතැයි  හෙතෙම විශ්වාසය පළ කළේය.

ගෝලීය ආරක්ෂක යෝජනාවේ පදනම වන්නේ ඒ ඒ රටවල නීති පිළි ගැනීම බව ද හෙතෙම සඳහන් කළේය. නීතිය මත සමාජය ස්ථාපිත කළ යුතු බවත්, එක්සත් ජාතීන්ගේ මූලධර්ම හා ජාත්‍යන්තර නීතීන්ටත් ගරු කළ යුතු බවත්, හෙතෙම ප්‍රකාශ කළේය. ගෝලීය ආරක්ෂක යෝජනාව අවබෝධකාරී වේදිකාවකි. ඒ අනුව සහයෝගතා මගින් සුරක්ෂිතභාවය උදා කර ගන්නවා වින‌ා බලහත්කාරය හෝ තර්ජනය සිදු නොකෙරේ.   එම දැවැන්ත චින්තනය සුරක්ෂිත කරමින් සිටින චීනයට, කියුබාව වැනි කුඩා රටවලට  අනුබලය හා සහය ලබා දීමේ හැකියාව ඇත. එය වඩා සුන්දර ලෝකයක් නිර්මාණය කිරීමේ පදනමක් බව කියුබාවේ ජනාධිපති Miguel Díaz-Canel මහතා වැඩිදුරටත් පැවසීය.


ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම