Biden මහතා යළි ජනපතිවරණයට එක්වීම අපේක්ෂා නොකරන බව ජන විමසුමකට එක්වූ සියයට 70ක් පවසයි
2022-12-11 16:48:25
Share with:

වත්මන් ඇමරිකානු ජනාධිපති Joseph Robinette Biden මහතා යළි ජනපතිවරණයට ඉදිරිපත්වීම අපේක්ෂා නොකරන බව ජන විමසුමකට එක්වූ සියයට 70ක් මත පළ කරයි.

ඇමරිකානු CNBCමාධ්‍ය ආයතනය සිදු කළ සමීක්ෂණයකට අනුව ජන විමසුමට එක් වූ සියයට 57ක ඩෙමොක්‍රටික් පක්ෂ සාමාජිකයින්, සියයට 86ක රිපබ්ලිකන් පක්ෂ සාමාජිකයින් හා සියයට 66ක ස්වාධීන පුද්ගලයින් එම අදහස අනුමත කර ඇත.

Biden ජනාධිපතිවරයාගේ පක්ෂපාතී අනුපාතය ඔක්තෝබර් මාසයේ පැවතුණු සියයට 46යේ සිට මෙම මාසයේ සියයට 41ක් දක්වා පහළ ගොස් තිබේ. මේ අතර ඔහුට විරුද්ධ අනුපාතය සියයට 50හේ සිට සියයට 54ක් දක්වා වැඩි වී ඇත.

ජන මතයට අනුව ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා වසර 2024 දී ජනපතිවරණය සඳහා තරග වැදීම පිළිබඳව, සියයට 61කගේ අකැමැත්ත පළවිය. සියයට 37ක රිපබ්ලිකන් පක්ෂ සාමාජිකයින්, සියයට 88ක ඩෙමොක්‍රටික් පක්ෂ සාමාජිකයින් හා සියයට 61ක ස්වාධීන පුද්ගලයින් එම අදහසේ එල්බ සිටින බව එම සමීක්ෂණයෙන් පිළිබිඹු වේ.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම