සැහැල්ලු දුම්රිය නැවතත් ලබා දීමට ජපානයේ කැමැත්ත
2022-12-11 18:27:10
Share with:

ජපාන රජයේ ණය ආධාර යටතේ ඉදිකිරීමට සූදානම්ව නවතා දැමුණු කුළුණු මතින් දිවෙන සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය යළිත් මෙරටට ලබාදීමට ජපාන රජය කැමැත්ත පළ කරයි.

ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පවත්වන සාකච්ඡාවල එකඟතාවය ලද විගස නැවත එය ක්‍රියාත්මක කළ හැකි බව ජපන් තානාපති මිසුකොෂි හිදෙනකි මහතා දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා හමුවේ සඳහන් කර තිබේ.

රුවන් විජයවර්ධන මහතා හා ජපන් තානාපතිවරයා අතර මෙම හමුව ශ්‍රී ලංකා ජපන් තානාපති කාර්යාලයේ දී පැවැත්විණ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟතා ගිවිසුම අත්සන් කළ පසු යළිත් එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ හැකි බවද ඔහු කියා සිටියි.

සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය නවතා දැමීම නිසා රුපියල් කෝටි 597.8ක අලාභයක් වූ බව විගණකාධිපතිවරයා විසින් ඉකුත් දා වාර්තාවක් මගින් හෙළි කර තිබිණ.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම