චීන-ගල්ෆ් අරාබි රාජ්‍ය සබඳතාව වඩා ශක්තිමත් වනු ඇත
2022-12-11 18:45:51
Share with:

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා පසුගිය 9 වැනිදා ප්‍රථම චීන-ගල්ෆ් අරාබි රාජ්‍ය සහයෝගතා කවුන්සිලයේ නායකයින්ගේ සමුළුවට එක්වෙමින් දේශනයක් පැවැත්වීය. චීන-ගල්ෆ් අරාබි රාජ්‍ය උපාය මාර්ගික හවුල්කාරීත්වය ශක්තිමත් කිරීම එම සමුළුවේ සංකේතවත් ම ජයග්‍රහණයයි.

චීනය සහ ගල්ෆ් අරාබි රාජ්‍ය සහයෝගතා කවුන්සිලයේ රටවල් අතර සබඳතා අනාදිමත් අතීතයකට හිමිකම් කියයි. පැරණි සේද මාවත ඔස්සේ එම වසර 2000 ක සබඳතා පුළුල් ලෙස සම්බන්ධ විය. එමෙන්ම, එම සබඳතා තරුණ ජවයෙන් බලසම්පන්නය. 1981, ස්ථාපිත දින සිට ම එම කවුන්සිලය චීනය සමඟ සම්බන්ධතා පවත්වා තිබේ. ගත වූ වසර 41 ක් තුළ, අන්‍යෝන්‍ය දේශපාලන විශ්වාසය, ආර්ථීක සහයෝගිතාව සහ ජනතාව අතර මිත්‍රත්වය ද්විපාර්ශ්වික වශයෙන් ප්‍රවර්ධනය කරමින් සිටිති. චීන-මැදපෙරදිග කලාප සහයොගතා තුළ එය ඉදිරිපෙළ සිටී. වසර කිහිපයක් තුළ එම කවුන්සිලයේ විශාලතම වෙළඳ හවුල්කරුවා වූයේ චීනයයි. චීනය එම කවුන්සිලයේ රටවල් 6  සමඟ ම එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළට අදාළ සහයෝගතා ගිවිසුම්වලට අත්සන් කළ නිසා ද්විපාර්ශ්වික සබඳතාව තවදුරටත් ශක්තිමත් වී තිබේ.

වත්මන් ගෝලීය නොසන්සුන්  තත්ත්වය මධ්‍යයේ,  චීන-ගල්ෆ් අරාබි රාජ්‍ය උපාය මාර්ගික හවුල්කාරීත්වය සංවර්ධනය කරා යොමු වන්නේ කෙසේ ද? ඒ සඳහා චීන ජනාධිපති ෂී ජින් පිං මහතා යෝජනා හතරක් ඉදිරිපත් කර ඇත. එනම්, සමගිය තහවුරු කිරීම, පොදුවේ සංවර්ධනය කිරීම, ආරක්ෂාව සුරැකීම, එකිනෙකාගේ ශිෂ්ටාචාරාත්මක සමෘද්ධියට දායකවීමයි. මේ අතර එම සමුළුවේ ජයග්‍රහණ භාවිත කර ජනතාවට වඩා ප්‍රතිලාභ ලබා දීමට එම කවුන්සිලයේ රටවල් අපේක්ෂා කරයි. නව ගමනේදී, එම පැරණි හා තුරුණු චීන-ගල්ෆ් අරාබි රාජ්‍ය සබඳතාව වඩා ශක්තිමත් වනු ඇතැයි ද විශ්වාස පළ වී තිබේ.


ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම