ඇමරිකාව ලෝක වෙළෙඳ සංවිධානයේ රෙගුලාසි කඩකළ බවට තීන්දු කෙරේ
2022-12-11 16:41:29
Share with:

ඇමරිකාවේ ක්‍රියාව ලෝක වෙළෙඳ සංවිධානයේ රෙගුලාසි උල්ලංඝනය කර ඇතැයි එම සංවිධානයේ විශේෂඥ කණ්ඩායමක් තීන්දු කරයි.

ලෝක වෙළෙඳ සංවිධානය පසුගිය 9වැනිදා එවන් තීන්දුවක් ප්‍රකාශයට පත් කළේ ඇමරිකාවේ අංක 232 වානේ හා ඇලුමිනියම් රේගු බදු විධිවිධානයට එරෙහිව චීනය ඉදිරිපත් කළ පැමිණිල්ලට ප්‍රතිචාරයක් වශයෙනි. චීන වාණිජ අමාත්‍යංශය එම තීන්දුව පිළිගෙන ඇත.

වසර 2018 සිට ඇමරිකාව ලෝක වෙළෙඳ සංවිධානයේ  ඇතැම් සාමාජික රටවල වානේ හා ඇලුමිනියම් භාණ්ඩ කෙරේ අතිරේක රේගු බදු පැණවීම ආරම්භ කළේය. එය ජාතික ආරක්ෂාව මුවාවෙන් සිදු කරන ලද ඒකපාර්ශ්වවාදී හා ආරක්ෂණවාදී මෙහෙයුමක් බව චීන වාණිජ අමාත්‍යංශයේ පුවත් ප්‍රකාශකයා ඊයේ(10) පැවසීය.  ඇමරිකාවේ අදාල විධිවිධාන, බහුපාර්ශ්වික වෙළඳ පද්ධතියට දැඩි ලෙස හානිකරය. එය ලෝක වෙළෙඳ සංවිධානයේ බොහෝ සාමාජික රටවල පොදු විරෝධතාවට ලක් වූ අතර ඇමරිකාව තුළ ද පුළුල් විවේචනයකට ලක්විය.

ඇමරිකාව ලෝක වෙළෙඳ සංවිධානයේ විශේෂඥ කණ්ඩායමේ තීන්දුවට හා එම සංවිධානයේ රෙගුලාසිවලට ගරු කළ යුතුය. සිය වැරදි කඩිනමින් නිවැරදි කර චීනය ඇතුළු සෙසු ලෝක වෙළෙඳ සංවිධානයේ සාමාජිකයින් සමග බහුපාර්ශ්වීය වෙළඳ පද්‍ධතිය පොදුවේ ආරක්ෂා කරන ලෙස ද එම ප්‍රකාශකයා ඇමරිකාවෙන් ඉල්ලා ඇත.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම