චීන ජනාධිපතිවරයා ප්‍රථම චීන-අරාබි රාජ්‍ය නායක සමුළුවේ දේශනයක් පවත්වයි
2022-12-10 16:29:35
Share with:

පළමු චීන-අරාබි රාජ්‍ය නායක සමුළුව ඊයේ(9) සෞදි අරාබියේ රියාද් අගනුවරදී පැවැත්විණ. "පළමු චීන-අරාබි රාජ්‍ය නායක සමුළුවේ රියාද් ප්‍රකාශය" එහිදී නිකුත් කෙරිණ. නවයුගය උදෙසා පොදු ඉරණමක්  සහිත චීන-අරාබි රාජ්‍ය සබඳතාවක් ගොඩනැගීමට  චීනය සහ අරාබි රාජ්‍යයන් එකඟ වූ බව එහිදී ප්‍රකාශ කර ඇත.

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා සහ සෞදි අරාබි අග්‍රාමාත්‍ය, ඔටුන්න හිමි Muhammad bin Salman bin Abdel Aziz Al Saud කුමරු, ඊජ්පතුවේ ජනාධිපති Abdel Fattah al Sisi යන අරාබි රාජ්‍ය ලීගයේ රටවල් 21කේ නායකයින් සහ අරාබි රාජ්‍ය ලීගයේ මහලේකම්වරයා ඇතුළු ජාත්‍යන්තර සංවිධානවල ප්‍රධානීහු එම සමුළුවට සහභාගී වූහ.

උපාය මාර්ගික හවුල්කරුවන් ලෙස චීනය සහ අරාබි රාජ්‍යයන් අතර මිත්‍රත්වය ඉදිරියට ගෙන යා යුතු බවත් සහයෝගීතා හා සමගිය ශක්තිමත් කර වඩා සමීප පොදු ඉරණමක් සහිත චීන-අරාබි ප්‍රජාවක් ගොඩනඟා ගත යුතු බවත් ෂී ජින්පිං මහතා එහිදී දේශනයක් කරමින් පවසා ඇත. දෙපාර්ශ්වයේ ජනතාවට ප්‍රතිලාභ ලබා දෙමින් මානුෂීය සංවර්ධන මෙහෙයුම තවදුරටත් තහවුරු කරනු ඇතැයි ද ෂී ජින්පිං මහතා අවධාරණය කළේය.

ස්වාධීනත්වය අනුගමනය කර ගෙන පොදු ජයග්‍රහණ ආරක්ෂා කළ යුතු බවත්, ආර්ථික සංවර්ධනය කෙරෙහි අවධානය යොමු කරමින් පොදු ජයග්‍රහණ ඔස්සේ සහයෝගීතාව ප්‍රවර්ධනය කළ යුතු බවත් හෙතෙම පැවසීය. දෙපාර්ශ්වය අතර සංවර්ධන උපායමාර්ගික සම්බන්ධීකරණය ශක්තිමත් කළ යුතු අතර ඉහළ ගුණාත්මකභාවයෙන් යුතුව එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ පොදුවේ ගොඩනැගීමට කටයුතු කරන බවට හෙතෙම අපේක්ෂා පළ කරයි. කලාපීය සාමය පවත්වාගෙන යමින් පොදු ආරක්ෂාව සාක්ෂාත් කර ගත යුතු බව ද ඔහු එහිදී සඳහන් කළේය.

ශිෂ්ටාචාර අතර හුවමාරු, අන්‍යෝන්‍ය අවබෝධය සහ විශ්වාසය තහවුරු කිරීමට පොදුවේ උත්සාහ දැරිය යුතුය. ඒ ඒ පාර්ශ්වයන් එක්ව“ඉස්ලාම්භීතිකාව” ට විරුද්ධ වීමේ අවශ්‍යතාව ද පවතී. අන්තවාදය අවම කිරීමේ සහයෝගීතාව ක්‍රියාත්මක කරමින් ත්‍රස්තවාදය නිශ්චිත ජනවාර්ගික කණ්ඩායම් සහ නිශ්චිත ආගම් සමඟ සම්බන්ධ කිරීමට විරුද්ධ විය යුතුය. සාමය, සංවර්ධනය, සාධාරණත්වය, යුක්තිය, ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස ඇතුළත් වන සියලුම මනුෂයන්ගේ පොදු වටිනාකම ඉදිරියට ගෙන යමින් නව යුගයේ ශිෂ්ටාචාරයන් අතර හුවමාරු සහ අන්‍යෝන්‍ය ඉගෙනීමේ ආදර්ශයක් බිහි කළ යුතු බවද ෂී ජින්පිං මහතා සිය දේශනයේදී පැවසීය.

මීට අමතරව , ෂී ජින්පිං මහතා "ප්‍රධාන ඒකාබද්ධ ක්‍රියා අට " එහිදී ඉදිරිපත් කර ඇත. පොදු ඉරණමක් සහිත චීන-අරාබි රාජ්‍ය ප්‍රජාවක් ගොඩනැගීම හා "චීන-අරාබි රාජ්‍ය පූර්ණ සහයෝගිතා සැලැස්ම" ක්‍රියාත්මක කිරීමේ පළමු පියවර ලෙස ඉදිරි වසර 3ත්, 5ත් අතර කාලය මෙය ක්‍රියාවට නැංවීමේ අවශ්‍යතාව අවධාරණය කෙරිණ. ජාතික සංවර්ධනය, ආහාර සුරක්ෂිතභාවය, මහජන සෞඛ්‍යය, හරිත නවෝත්පාදනය, බලශක්ති සුරක්ෂිතභාවය, ශිෂ්ටාචාර අතර සංවාදය, තරුණ සංවර්ධනය, ආරක්ෂාව හා ස්ථාවරත්වය ඇතුළු ක්ෂේත්‍ර අට තුළ එම "ප්‍රධාන ඒකාබද්ධ ක්‍රියා අට" ප්‍රවර්ධනය කිරීමට අරාබි රාජ්‍යයන් සමඟ චීනය කැමැත්තෙන් සිටින බව ද ෂී ජින්පිං මහතා ප්‍රකාශ කළේය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම