චීන ජනපති බහරේන රජු හමුවෙයි
2022-12-10 15:50:50
Share with:

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ඊයේ (9) රියාද්හි දී බහරේනයේ Sheikh Hamad Bin Isa al-Khalifa රජු හමුවිය.

බහරේනයේ ස්වාධිපත්‍යය, ආරක්ෂාව සහ ස්ථාවරත්වය සහතික කිරීමට චීනය බහරේනයට සහාය දෙන බව, ෂී ජින්පිං මහතා එහිදී ප්‍රකාශ කළේය. චීනයේ කේන්ද්‍රීය ජයග්‍රහණ වෙනුවෙන් බහරේනය ලබාදුන් දිගුකාලීන ස්ථිර අනුබලය පිළිබඳව ජනාධිපතිවරයාගේ ස්තුතිය පළ විය. චීනය හා අරාබි රටවල් අතර සහ ගල්ෆ් අරාබි රාජ්‍ය සහයෝගිතා කවුන්සිලයේ රටවල් අතර සබඳතා ප්‍රවර්ධනයට,  බහරේනය දැරූ උත්සාහය චීනය අගය කරන අතර, එම සබඳතා තවදුරටත් ප්‍රවර්ධනයට, එක්ව ක්‍රියා කිරීමට චීනය කැමැත්තෙන් සිටී. බහරේනය ෂැංහයි සහයෝගිතා සංවිධානයේ සංවාද හවුල්කරුවෙකු බවට පත්වීම පිළිබඳව සුබ පැතුම් එක් කළ ජනාධිපතිවරයා, බහුපාර්ශ්වික වේදිකාවල බහරේනය සමඟ අදහස් හුවමාරු සහ සහයෝගීතාව ශක්තිමත් කිරීමට චීනය අපේක්ෂා කරන බව ද සඳහන් කළේය.

බහරේන-චීන සබඳතා ඉතා මිත්‍රශීලී බවත්, චීනය වැදගත් උපායමාර්ගික හවුල්කරුවෙකු ලෙස සලකන බවත්, බහරේනයේ  Sheikh Hamad Bin Isa al-Khalifa රජු එහිදී පැවසීය. හෙතෙම වැඩි දුරටත් කියා සිටියේ බහරේනය සහ චීනය අතර සහයෝගීතාවය සඳහා සීමාවක් නොමැති අතර, ආර්ථිකය, වෙළඳාම, යටිතල පහසුකම් සහ සෞඛ්‍ය යන ක්ෂේත්‍රවල, චීනය සමඟ වැඩි සහයෝගීතාවයක් සහ ඉහළ ප්‍රතිඵල අත්කර ගැනීමට අවංකවම බලාපොරොත්තුවෙන් සිටින  බවයි.     

අනතුරුව ෂී ජින්පිං මහතා ඕමානයේ කැබිනට් මණ්ඩලයේ නියෝජ්‍ය අගමැති Fahd Bin Mahmoud Al-Said, යේමනයේ ජනාධිපති නායකත්ව මණ්ඩලයේ සභාපති Mohammed Al-Alimi යන මහත්වරුන් ද හමු විය. 

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම