උපායමාර්ගික හවුල්කරුවන් මෙන්ම අවංක මිත්‍රයන් ද වන චීනය හා සෞදි අරාබිය
2022-12-10 20:02:48
Share with:

දෙසැම්බර් 8 වනදා චීන ජනාධිපති ෂී ජින්පිං මහතා රියාද්හි රාජකීය මාලිගයේ සිට සෞදි අරාබි Salman bin Abdul Aziz Al Saud රජු හමු විය. අනතුරුව ඔහු සෞදි අරාබි අග්‍රාමාත්‍ය, එරට ඔටුන්න හිමි Muhammad bin Salman bin Abdel Aziz Al Saud කුමරු හමුවී සාකච්ඡා පැවැත්වීය. චීන සෞදි අරාබි අංගසම්පූර්ණ උපායමාර්ගික හවුල්කාරීත්වය වඩාත් විශාල ප්‍රගතියක් කරා යොමු කිරීමට එහිදී දෙපාර්ශ්වය එකඟතාවන්ට එළඹ තිබිණ.

චීනය හා සෞදි අරාබිය භූගෝලීය වශයෙන් දුරස්ථව පිහිටා තිබුණද, දෙරට අතර දීර්ඝ හුවමාරු ඉතිහාසයක් පවතී. සේද මාවතේ ඔටු වෙළඳ කණ්ඩායම්, චීන සෞදි අරාබි මිත්‍රත්වයේ දෘශ්‍යමාන සාක්ෂියක් විය. වසර 2016යේ, සෞදි අරාබිය, ෂී ජින්පිං මහතා, ජනපති ධුරයට පත්වීමෙන් පසු සංචාරය කළ පළමු අරාබි රට බවට පත් විය. දෙරටේ අංගසම්පූර්ණ උපායමාර්ගික හවුල්කාරීත්වය  ස්ථාපිත කෙරුණේ එම සංචාරය තුළදීය. එයින් වසර හයකට පසුව යළිත් වරක්, ෂී ජින්පිං මහතා චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වන ජාතික කොංග්‍රස‍යෙන් අනතුරුව සංචාරය කළ ප්‍රථම මැදපෙරදිග රට බවට ද සෞදි අරාබිය පත්විය.

‘චීනයේ ප්‍රතිලාභය යනු සෞදි අරාබියේ ප්‍රතිලාභය.’--සෞදි අරාබි රජු පසුගිය 8වනදා සිදු කළ එම ප්‍රකාශය පුළුල් මාධ්‍ය අවධානයක් දිනා ගෙන ඇත. ෂී ජින්පිං මහතා සෞදි අරාබියේ සිදු කළ සංචාරය තුළදී එවන් ස්ථිර දේශපාලන අනුබල දැක්වීමේ හඬක්, දෙපාර්ශ්වයම නියෝජනය කරන වේදිකාවක් බවට පත්ව තිබීම විශේෂත්වයයි.

චීන සෞදි අරාබි මිත්‍රත්වය ශක්තිමත් කිරීමට ආර්ථික වෙළඳ සහයෝගතාව අතිශයින් වැදගත්ය. ‘2030 දැක්ම’ ‘හරිත මැදපෙරදිග’ ඇතුළු සෞදි අරාබිය ඉදිරිපත් කළ වැදගත් සංවර්ධන මුලපිරුම්වලට චීනයේ සහාය හිමි වන බව මෙවර සෞදි අරාබි අගමැතිවරයා සමග සාකච්ඡාවේදී, ෂී ජින්පිං මහතා ප්‍රකාශ කළේය. එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ හා ‘2030 දැක්ම’ සම්බන්ධීකරණයෙන් සංවර්ධනය කිරීමේ වැදගත්කම ඔහු විසින් අවධාරණය කර ඇත. ඉන්, චීන සෞදි අරාබි ආර්ථික හා වෙළඳ සහයෝගතාවයේ දිශානතිය පැහැදිලි වී තිබේ.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම