චීන ජනාධිපතිවරයා සෞදි අරාබියේ වැදගත් රාජ්‍ය නායක සමුළු දෙකකට සහභාගී වෙයි
2022-12-10 18:09:53
Share with:

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා සෞදි අරාබියේ රියාද් අගනගරයේ සිට දෙසැම්බර් 9වැනිදා වැදගත් නායක සමුළු අවස්ථා දෙකකට එක් විය. ඒ, ප්‍රථම චීන-අරාබි රාජ්‍ය නායක සමුළුව හා ප්‍රථම චීන-ගල්ෆ් අරාබි රාජ්‍ය සහයෝගතා කවුන්සිලයේ නායක සමුළුවයි. 

රියාද්හි King Abdul Aziz ජාත්‍යන්තර සම්මන්ත්‍රණ මධ්‍යස්ථානයේ පැවැත්වුණු ප්‍රථම චීන අරාබි රාජ්‍ය නායක සමුළුවේදී ෂී ජින්පිං මහතා ප්‍රධාන දේශනයක් සිදු කරමින්, ‘චීන අරාබි මිත්‍ර ජීවගුණයේ’ අන්තර්ගතය විග්‍රහ කළේය. එනම්, ‘එකිනෙකාට සහායවීම, සමානත්මතාවයෙන් යුතුව අන්‍යෝන්‍ය ප්‍රතිලාභ ලබා ගැනීම,  එකිනෙකා අවබෝධ කර ගැනීමට අන්‍යෝන්‍ය අධ්‍යයනය පුළුල් කිරීම’ යි.

9වනදා පස්වරුවේ ෂී ජින්පිං මහතා සමග ගල්ෆ් අරාබි රාජ්‍ය සහයෝගතා කවුන්සිලයේ සාමාජික රටවල් හයේ නායකයින් සහ එම කවුන්සිලයේ ප්‍රධාන ලේකම්වරයා, ප්‍රථම චීන-ගල්ෆ් අරාබි රාජ්‍ය සහයෝගතා කවුන්සිලයේ නායක සමුළුවට සහභාගී වූහ. එහිදී හෙතෙම‘අතීත උරුමයෙන් අනාගතය නිර්මාණය කිරීම-- චීන ගල්ෆ් අරාබි රාජ්‍ය සම්බන්ධතාවයේ සුන්දර අනාගතයක් පොදුවේ නිර්මාණය කිරීම’මැයෙන් දේශනයක් පැවැත්වීය.

ඉදිරි වසර තුනත් පහත් අතර කාලය තුළ දෙපාර්ශ්වය ක්ෂේත්‍ර පහක් සම්බන්ධයෙන් සහයෝගතා පුළුල් කිරීමට උත්සාහ කරනු ඇතැයි ඔහු අපේක්ෂා පළ ‍කළේය. බලශක්ති සහයෝගතාවේ නව සැකැස්මක් ගොඩනැගීම, මූල්‍ය සේවාව හා ආයෝජනය පිළිබඳ නව ප්‍රගතියක් කරා යොමු වීම, අබිනව විද්‍යා තාක්ෂණය පිළිබඳ නව සහයෝගතා කරුණු ගවේෂණය කිරීම, අභ්‍යවකාශය පිළිබඳ සහයෝගතා ව්‍යාප්ත කිරීම, භාෂා හා සංස්කෘතිය පිළිබඳව නව සහයෝගතා ක්‍රම නිර්මාණය කිරීම සඳහා දෙපාර්ශ්වයට උත්සාහ කළ හැකි බව ද ඔහු වැඩිදුරටත් විග්‍රහ කර ඇත.

චීන ජනාධිපතිවරයා, සමුළුව පැවති කාලය තුළ ද්විපාර්ශ්වික රාජ්‍යතාන්ත්‍රික ක්‍රියාකාරකම් රැසකට ද එක් විය. ටියුනිසියාව, මොරිටේනියාව, ජිබුටි රාජ්‍යය, කොමොරොස් රාජ්‍යය, ‍සෝමාලියාව, ඇල්ජිරියාව, ඉරාකය, කටාර් රාජ්‍යය, බහරේනය, ඕමානය, යේමනය, ලෙබනනය යන අප්‍රිකාවේ හා ආසියාවේ අරාබි රටවල් 12හේ නායකයින් සමග ඔහු සාකච්ඡා පැවැත්වීය.

මෙවර ෂී ජින්පිං මහතා නිරත වන මැදපෙරදිග සංචාරය, 2022 වසරේ ඔහුගේ වැදගත් විදේශ රාජ්‍යතාන්ත්‍රික මෙහෙයුම්වල අවසාන වැඩසටහන වීම ද විශේෂත්වයකි.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම