ඇතැම් ප්‍රදේශවල වායු දූෂණ මට්ටම තවදුරටත් ඉහළට
2022-12-10 17:46:02
Share with:

අද (10) උදෑසන වායු ගුණ තත්ත්වය සැලකීමේදී ශ්‍රී ලංකාවේ නාගරික ප්‍රදේශ තුළ සාමාන්‍ය තත්ත්වයක් පවතින බව ජාතික ‍ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ පාරිසරික අධ්‍යයන හා සේවා අංශය පැවසීය. 

විශේෂයෙන් කොළඹ හා මහනුවර යන නගරවල හා උතුරු, වයඹ, බස්නාහිර හා උතුරු මැද පළාත්වල, නාගරික ප්‍රදේශවල වායු ගුණ තත්ත්ව දර්ශකය විටින්විට තරමක් ඉහළ යා හැකි අතර අනෙකුත් ප්‍රදේශයන් හි මධ්‍යම හෝ යහපත් තත්ත්වයක් පවතින බව ද පෙන්වා දෙයි.

කෙසේ නමුත් පුත්තලම, යාපනය, මන්නාරම, බදුල්ල යන ප්‍රදේශ 9වැනිදා කොළ පැහැති මට්ටමේ තිබුණ ද 10 වැනිදා දිනය වන විට නැවත කහ පැහැති මට්ටම දක්වා ඉහළ ගොස් තිබේ. 

මේ වන විට වායු දූෂණ තත්ත්වය සාමාන්‍ය මට්ටමක පවතින අතර සෞඛ්‍යමය වශයෙන් අහිතකර තත්ත්වයක් නොපෙන්වන බවද එම ආයතනය සඳහන් කරයි.

 

ගුවන් විදුලිය
20240507අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම