චීන ජනපති ලෙබනන අගමැති හමු වෙයි
2022-12-10 17:29:48
Share with:

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ඊයේ (9) රියාද්හිදී ලෙබනනයේ අග්‍රාමාත්‍ය NajibMikati මහතා හමුවිය.

ලෙබනනය සමඟ චීන -ලෙබනන මිත්‍ර සහයෝගිතා සබඳතාව තහවුරු කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව ෂී ජින්පිං මහතා එහිදී ප්‍රකාශ කළේය. 

චීනය ලෙබනනයේ ජාතික ස්වාධිපත්‍යය, ස්වාධීනත්වය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීම සඳහා ස්ථීර සහය ලබා දෙයි. ජාතික ආරක්ෂාව සහ ස්ථාවරත්වය පවත්වා ගැනීමට ලෙබනනයට සහාය දක්වමින් ලෙබනනයේ අභ්‍යන්තර කටයුතුවලට බාහිර බලවේග මැදිහත්වීමට චීනය විරුද්ධත්වය පළ කර ඇත. ජාත්‍යන්තර සහ බහුපාර්ශ්වික අවස්ථාවන්හිදී ලෙබනනයේ යුක්තිය වෙනුවෙන් චීනය අඛණ්ඩව පෙනී සිටිනු ඇති බවද හෙතෙම පැවසීය.

චීනය සිය සාමසාධක මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක කරමින් ලෙබනනයේ සාමය සහතික කිරීමට චීන ශක්තිය යොදවනු ඇති බව ෂී ජින්පිං මහතා අවධාරණය කළේය.

අනතුරුව ෂී ජින්පිං මහතා ඇල්ජීරියානු අග්‍රාමාත්‍ය Ayman Benabderrahmane මහතා ද හමුවිය.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම